(සුජිත් හේවාජුලිගේ )
මාතලේ මහ රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ 27 දෙනකුට සහ සුළු සේවක කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකුට කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරුවී ඇත.
මේ සම්බන්ධයෙන් අප මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිහාල් වීරසූරිය මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ හෙද කාර්ය මණ්ඩලයේ විසි හත් දෙනෙකුට සහ සුළු සේවක කාර්ය මණ්ඩලයේ 17දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තමන්ටද වාර්තාවී තිබෙන බවයි.
මාතලේ මහ රෝහලේ ප්‍රශ්නයක් තිබෙන නමුත් එම ගැටළු මැද රෝහලේ කටයුතු යතා පරිදි පවත්වාගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා මාතලේ රෝහල් අධ්‍යක්ෂකවරයාට යෝජනා ගණනාවක් ඉදිරිපත් කළ බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd