
(නයෝමි දිල්රුක්ෂි)
නිරෝධායනය නිතී උල්ලංඝනය කරමින්, කෑගල්ල සිට දිප්පිටිය නගරය දක්වා බස් රථයක් ධාවනය කළ රියැදුරුට දැඩි අවවාද කර නිදහස් කිරීමට කෑගල්ල සෞඛ්‍ය අංශ සහ පොලීසිය අද(24) කටයුතු කළේය.
ආසන ප්‍රමාණයට වඩා මගීන් පටවාගෙන රථය ධාවනය කළ රියදුරු මුඛ ආවරණ ද පැළඳ නොසිටි බව පොලිසිය කියයි. රථය කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඉදිරිපිටින් ධාවනය වන මොහොතේ බස්රථය නවතා නියමිත ආසන ප්‍රමාණයට වඩා සිටි මගී ජනතාව වෙනත් බස් රථයක් වෙත යොමුකිරීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරු කටයුතු කළහ.
සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් කොවිඩ් වසංගතයෙන් ජනතාව ආරක්ෂා කරගැනීමට තම ජීවිතය පරදුරවට තබා කටයුතු කළත් මෙවන් නොසැලිකිලිමත් ක්‍රියා හේතුවෙන් කොවිඩ් ආසාදිතයන් ඉහළ යන බව පවසමින් මෙම මෙහෙයුම සදහා එක්වූ වෛද්‍ය දර්ශන විජේතුංග මහතා මගී ජනතාව දැනුවත් කළේය.
කෑගල්ල අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ධමිමික වීරසේකර, පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන්. අතුකෝරල, මහජන සෞඛ්‍ය පරීක්ෂක මංජු ශ්‍රී රත්නායක ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරිහු පිරිසක් මෙම හදිසි බස් රථ පරීක්ෂාවට එක්ව සිටියහ.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.