(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම පොලිස් වසමට අයත් බස්නාහිර පළාත් මායිමේ බෙන්තොට පාලම අසළ දී දකුණු පළාතට ගමන් කරමින් සිටි පුද්ගලයන් 102 දෙනෙකුට අද (14) දහවල් අහඹු ලෙස කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවෙන් පුද්ගලයන් 6 දෙනෙකු එම ස්ථානයේදීම කොවිඩ් -19 ආසාදිත බව හඳුනාගැනුනු බව අලුත්ගම පොලිස් ස්ථානාධිපති අශෝක කරුණාරත්න මහතා පැවසීය.
පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා සිදු කළ මෙම පරීක්ෂාවෙන් කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයන් 4 දෙනෙකු ආසාදිතයන් ලෙස හදුනාගෙන තිබේ.
මොවුන් පයාගල හා ඌරගහ ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
ආසාදිත පිරිස ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය හා අලුත්ගම පොලීසියේ කොවිඩ් 19 පැතිරයාම වැලැක්වීමේ ඒකාකයේ නිලධාරීහු පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේවල් දැන් රටේ මිනිස්සුන්ට විහිළුවක් වෙලා ඉවරයි වගේ...