(ඉන්දිකා රාමනායක)
බස්නාහිර පළාත තුළින් පිටවන ස්ථාන 11 ක් ඉලක්ක කරගෙන සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවන් අද (13) සිට යළිත් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම පරීක්ෂණ ඉකුත් දෙසැම්බර් මස 18 වැනි දින සිට ජනවාරි 5 වැනි දින දක්වා කාලය තුළ ක්‍රියාත්මක කළ පරීක්ෂාවෙන් ආසාදිතයන් 106 දෙනෙකු හඳුනාගෙන තිබුණි.
මෙම කාලය තුළ පුද්ගලයන් 11,000 ට අධික පිරිසක් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කළ බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
බස්නාහිර පළාතින් පිට කොරෝනා අනුපොකුරු ව්‍යාප්ත වීම වැලැක්වීමේ අරමුණින් මෙම රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂාව කොළඹින් පිටවන ස්ථාන 11 ක් ඉලක්ක කරගෙන සිදුකළ බවත් අද සිට එය නැවත සිදුකරන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
ආසාදිත පිරිස ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙතත්, ආශ්‍රිත පිරිස් නිරෝධායනය සඳහා යොමු කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට නිල ඡන්ද පත්‍රිකාව අත්‍යවශ්‍ය නොවන බවත් ජාතික හැදුනුම්පත ඇතුළු මැතිවරණ කොමිසම නියම කර ඇති හැදුනුම්පතක් ඉදිරිප
දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සහ හිටපු කරන්දෙණිය ප්‍රාදේශීය සභාපති සුසන්ත ලාල් ජයවීර මහතා අද (13) අලුයම් කාලයේ දී හදිසි හෘදයාබාධයකින් කරාපිටිය ජාති
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධාන ලෙස සිංහ රෙජිමේන්තුවේ මේජර් ජනරාල් දිනේෂ් නානායක්කාර මහතා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් පත්ක
රටේ මේ තරම් ගැටලු තිබියදී රනිල් සහ අනුර බලය ගන්න ගිවිසුම් ගතව දේශපාලන දීගයක නිරත වී ඇතැයි සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදා
කාර්මික දෝෂයක් හේතුවෙන් මීගමුව දන්කොටුව ප්‍රධාන මාර්ගයේ වම් පස නවතා තිබු කන්ටේනර් රථයක පසුපස යතුරුපැදියක් අද (13) පෙරවරුවේ ගැටීමෙන් අයෙකු මරණයට පත් වී
රත්ගම විජයරත්න මාවත දුම්රිය හරස් මාරගයේ දී ඊයේ(12)වැනි දා පෙරවරුවේ කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ත්‍රී රෝද රථයක් හැපි දෙදෙනකු මියගොස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
බස්නාහිරින් පිටවන ස්ථාන 11 ක රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව අද සිට
M.a.pemasiri Wednesday, 13 January 2021 10:51 AM
හොඳයි..
jaya Wednesday, 13 January 2021 11:55 AM
උත්සව අවස්ථාවලදීත් මේ ක්‍රමය අනුගමනය කරනවා නම් හොඳයි...
සමන්ත Wednesday, 13 January 2021 03:24 PM
ගම්පහ දිස්ත්‍රික්කය සිට මෙම පරීක්ෂණ මධ්‍යස්ථාන මග හැර යාහැකි ප්‍රධානම ස්ථාන දෙකක් හඳුන්වා දිය හැක. එනම් ගිරිඋල්ල, නිට්ටඹුව පාරෙන් සහ මීරිගම, වරකාපොල මාර්ගයේ ගමන් කිරීමෙන් පහසුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය සහ බස්නාහිර පළාතෙන් පිට වී යා හැකිය...
ටි ඉන්දික Wednesday, 13 January 2021 07:06 PM
දැන් මේක කරනවාට වඩා කළ යුත්තේ හැදුණු අය සුව වෙන්න කරපු දේවල් සමාජගත කරන එක නිල වශයෙන් වළක්වා ගන්න. නිරෝධායන මධ්‍යස්ථානවල සිට සුවවූ.. ඒ අයට දුන්න.. නිවසකදී කළහැකි සියලු දේ සමාජ ගත කළ යුතුයි. එවිට බෝවීමට වඩා මිනිස්සු.. ඒවා කරනවා