
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු බලන්ගොඩ නගරයේ ඉරිදා සතිපොළ නොපැවැත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල මහතා සමග සාකච්ඡා කර අද (29) තීරණය කළ බව බලන්ගොඩ නගරසභාවේ සභාපති චාමික ජයමිණි විමලසේන මහතා පවසයි.
ජනතාව ඒකරාශි වීම අවම කිරීමත් කොරෝනා වයිරසය ව්‍යප්ත වීම පාලනය කිරීමේත් අරමුණින් මෙම තීරණය ගත් බව ඒ මහතා කීය. රටේ පවතින අවදානම් තත්ත්වය පාලනය වු පසු බලන්ගොඩ නගරයේ සති පොළ නැවත පැවැත්වෙන දිනය පසුව තීරණය කෙරෙන බවද නගරසභාවේ සභාපති චාමික ජයමිණි විමලසේන මහතා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS