IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බෙල්ජියමේ විදේශ අමාත්‍යවරිය දැඩි සත්කාර ඒකකයට

 

බෙල්ජියමේ භාරකාර අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ සොෆී විමස් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි එරට බලධාරීහු අද (22) නිවේදනය කළහ.

 

බෙල්ජියමට පළමු කොරෝනා රැල්ල පැමිණි අවස්ථාවේදී එරට අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ සොෆී විමස් ය. ඇය මේ වනවිට බෙල්ජියමේ විදේශ අමාත්‍ය ධුරය හොබවයි.

 

හතළිස් පස් හැවිරිදි වියේ පසුවන සොෆී විමස් ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු කරගැනුණේ පසුගිය සතියේ දී යග තත්ත්වය නරක අතට හැරීම හේතුවෙන් ඇය බ්‍රසල්ස් නුවර රෝහලකට ඇතුළත් කෙරුණි.

 

‘‘ඇය සිහියෙන් පසුවෙනවා. ඒ වගේම ඇයට කතාබහ කරන්න පුළුවන්’’ යැයි විදේශ අමාත්‍යවරිය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව තහවුරු කරමින් ඇයගේ ප්‍රකාශිකාවක් සඳහන් කළාය.

 

‘‘තත්ත්වය ස්ථාවර’’ යැයි විදේශ අමාත්‍යාංශයේ ආරංචි මාර්ග ද සඳහන් කළේය.

 

බෙල්ජියමේ නව අග්‍රාමාත්‍යවරයා වන ඇලෙක්සැන්ඩර් ඩ ක්‍රෝ දල විදේශ අමාත්‍යවරියට ඉක්මන් සුව ප්‍රාර් ථනා කර ඇත.

 

‘‘මේ භයානක වයිරසයෙන් කිසිවකුටත් බේරීමක් නැහැ. අපි ඔක්කොටම එකතු වෙලා කොවිඩ්-19’ වයිරසය පරාජය කරන්න පුළුවන්’’ යැයි අග්‍රාමාත්‍යවරයා කී.

 

යුරෝපයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් කිහිපදෙනකුම මේ වනවිට නව කොරෝනා වයිරසයට ගොදුරු වී ඇත. බෙල්ජියමේ විදේශ අමාත්‍යවරිය වන සොෆී විමස්ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ දිනයේ ම ඔස්ට්‍රියාවේ විදේශ අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ෂැලන්බර්ග් ට ද නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය.

 

සාමාජික රටවල නායකයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය සතියේදී යුරෝපා සංගමයේ සමුළුවක් පැවැත්විණි. කෙසේ නමුත් ඇතැම් නායකයන්ගේ සේවකයන්, ඔවුන්ගේ සමීපතමයන් ඇතුළු පිරිස්වලට වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම නිසා එම නායකයන්ට සමුළුව අතරවාරයේදී ස්වයං-නිරෝධායනයට යොමු වීමට සිදුවිය.

 

නායකයන් අමාත්‍යවරුන් ගෙන්වා මුහුණට මුහුණ සාකච්ඡා පවත්වමින් එම සමුළුව පැවැත්වීම සම්බන්ධයෙන් ඇතැම් නායකයන්ගෙන් චෝදනා ද එල්ල විය. මේ නිසා ඉදිරියේදී මේ ආකාරයෙන් සමුළු හා රැස්වීම පැවැත්වීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.

 

බෙල්ජියම මේ වනවිට නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලකට මුහුණ දී සිටියි. එය නව කොරෝනා වයිරසයේ දරුණුම දෙවැනි රැලිවලින් එකක් යැයි ද පැවසේ.

 

බෙල්ජියමේ ජනගහනය මිලියන 11.5ක් වන අතර එරටින් වාර් තා වන වයිරස ආසාදිත මරණ ගණන 10,539කි. එය ඉතා දරුණු තත්ත්වයක් යැයි සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වාදෙති.

 

බෙල්ජියමෙන් වාර් තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මාසයක් ඇතුළත දෙගුණ වී තිබේ. ඒ අනුව එරටින් මේ වනවිට වාර් තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 253,386ක් දක්වා ඉහළ ගොස් ඇත. දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන වයිරස ආසාදිත රෝගීන්ගේ ගණන 3274කි.

 

දැනටත් බෙල්ජියමේ ඇතැම් කොටස්වලට අගුළු දමා ඇති අතර අවන්හල් සහ බීමහල් යනාදිය වසා දමා ඇත.

 

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආණ්ඩුවේ අමාත්‍යවරුන් සහ එරට සෞඛ්‍ය විශේෂඥයන් අතර හදිසි රැස්වීමක් හෙට දිනයේදී පැවැත්වීමට නියමිතය.

 

එම රැස්වීමෙන් පසුව වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි සීමා පැනවීමට නියමිත යැයි ද වාර්තා වේ.

 

 

 

ඒ.එෆ්.පී.

055

 



අදහස් (0)

බෙල්ජියමේ විදේශ අමාත්‍යවරිය දැඩි සත්කාර ඒකකයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site