
කොරෝනා රෝගීන් විශාල වශයෙන් වාර්තා වීම හේතුවෙන් බෙල්ජියම සම්පූර්ණයෙන්ම අගුළු දැමීමට තීරණය කර ඇතැයි එරට රජය නිවේදනය කර තිබේ.
ඒ අනුව අත්‍යාවශ්‍ය නොවන වෙළඳසැල් සහ රූපලාවන්‍යාගාර වැනි පුද්ගලික ව්‍යාපාර සඳුදා සිට දෙසැම්බර් මැද දක්වා වසා දැමීමට නියෝග කර ඇත.
පොදු ස්ථානවල ඕනෑම රැස්වීමක් පුද්ගලයන් හතර දෙනකුට සීමාකර ඇති අතර පාසල් නිවාඩුව නොවැම්බර් 15 දක්වා දීර්ඝ කර තිබේ.
සුපිරි වෙළඳසැල්වල අත්‍යාවශ්‍ය භාණ්ඩ පමණක් අලෙවි කළ හැකි අතර නිවසකින් එක් පුද්ගලයෙකුට පමණක් භාණ්ඩ මිලදී ගැනීම සඳහා පිටතට යෑමට අවසර හිමිවේ.
දැනටමත් පනවා ඇති රාත්‍රී ඇඳිරි නීතිය සහ බාර් වසා දැමීම දිගටම ක්‍රියාත්මක වේ.
මේවනවිට යුරෝපරේ රටවල් අතරින් වැඩිම ආසාදන අනුපාතය පෙන්නුම් කරන්නේ බෙල්ජියමේ ය.
කොරෝනා පළමු රැල්ලේදී ද ලෝකයේ ඉහලම මරණ අනුපාතය වාර්තා කළේ බෙල්ජියමයි.
වෛද්‍ය අංශ පවසන්නේ මේවනවිට බෙල්ජියමේ දැඩිසත්කාර ඒකකවල පවතින ඇඳන් ප්‍රමාණයෙන් අඩකට වඩා පිරීඇති බවයි.
අගමැති ඇලෙක්සැන්ඩර් ද කෲ මෙසේ පැවසීය,
"රට සෞඛ්‍යමය හදිසි අවස්ථාවකට පත්වී තිබෙනවා, රෝහල් සඳහා වන පීඩනය අති විශාලයි, රට ජාතික වශයෙන් අගුලුදැමීමට සිදුවනවා, රෝගීන් සංඛ්‍යාව පහත හෙළීමට නම් මෙය අවසාන අවස්ථාවයි."
එසේවුවද බෙල්ජියමේ කර්මාන්තශාලා ක්‍රියාත්මක වන බව හෙතෙම පැවසීය.
මේවනවිට බෙල්ජියමේ කොරෝනා ආසාදිතයන් 392,258ක් වාර්තාවන අතර මරණ 11,308ක් සිදුවී තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට 'සමාජ සම්ප්‍රේෂණයක්' නැත 'සමාජ සංචලනයක්' පමණි. ඉතින්, අපි අගුලු දමන්නේ නැහැ.