
බොරැල්ල පොලිස් වසමේ ප්‍රදේශ තුනක් මේ මොහොතේ සිට හුදකලා කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ගෝතමීපුර නිවාස යෝජනා ක්‍රමය, 24 වත්ත (ගෝතමීපුර), 78 (ගෝතමීපුර) යන ප්‍රදේශ මෙසේ හුදකලා කෙරේ.
මේ අතර කොරෝනා ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශ කිහිපයක් හෙට (11) සිට හුදකලා බවින් නිදහස් කිරීමට නියමත අතර එය හෙට උදෑසන 5.00 සිට ක්‍රියාත්මක කෙරේ.
එමෙන්ම මේ වන විට හුදකලා තත්ත්වයේ පවතින ප්‍රදේශ නැවත දැනුම්දෙනතුරු හුදකලා තත්තවයේම පවතින බවද නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් දන්වා ඇත.

COMMENTS