(එච්.එම්.එන්. හේරත්)
බමුණාකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හේනෙගෙදර ප්‍රදේශයෙන් ඊයේ පස්වරුවේදී කොරෝනා ආසාදිතයන් 36 දෙනකු හඳුනා ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
පුද්ගලයන් 375 දෙනෙකුගේ කරන ලද පී.සී.ආර් පරීක්ෂණ අනුව 36 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව හේනෙගෙදර ප්‍රදේශයෙන් පමණක් මේ වන විට ආසාදිතයින් 100 දෙනෙක් දක්වා වැඩි වී ඇති බවත්, ඔවුන්ගේ පවුල්වල අය හා ආශ්‍රිතයින් නිරෝදායනයට ලක් කිරීමට නියමිතව ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව කාන්තා ආසාදිතයන් දඹදෙණිය රෝහලටත් හා පිරිමි ආසාදිතයින් කුරුණෑගල ආයුර්වේද රෝහල වෙතත් ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් ඇති අතර බමුණාකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ හේනෙගෙදර ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වී ඇති බව වැඩිදුරටත් සෞඛ්‍ය අංශ පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd