IMG-LOGO

2024 ජුනි මස 25 වන අඟහරුවාදා


පී.සී.ආර්. පරීක්‍ෂණය කළොත් දෙසතියක නිරෝධායනය අනිවාර්යයි

පී.සී.ආර්. පරීක්‍ෂණයට මුහුණ දුන් අය කෝවිඩ් -19 ආසාදිතයන් ලෙස තහවුරු නොවූවද ඔවුන් සති දෙකක නිරෝධායන ක්‍රියාවලියකට භාජනය විය යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදාත් සමරවීර මහතා පැවසීය. ඔහු වැඩි දුරටත් කියා සිටියේ කොවිඩ් -19 රෝගීන්ගේ පළමු හා සමීප සම්බන්ධතා මත පී.සී.ආර් පරීක්ෂණ පවත්වන බවත් පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය වූවන්ට වෛරසය ආසාදනය වීමේ වැඩි ඉඩක් පවතින බවත්ය.

“අපි කොවිඩ් -19 රෝගීන්ගේ පළමු හා සමීප සම්බන්ධතා පැවැත්වූවන් සහ අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් සඳහා පී.සී.ආර් පරීක්ෂණ පවත්වනවා. ඒත්  පී.සී.ආර් පරීක්ෂණයකට යටත් වීමෙන් අදහස් වන්නේ ඔහු හෝ ඇය වෛරසය ආසාදනය වීමේ හැකියාවක් පවතින බවයි. “

“එබැවින්, පී.සී.ආර් පරීක්ෂණවලට භාජනය වන අය, පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵල සෘණවූවත් සති දෙකක නිරෝධායන ක්‍රියාවලියකට භාජනය කිරීම අනිවාර්ය වෙනවා. ඔවුන්ගේ දින 14 ක නිරෝධායන කාලයෙන් පසුව තවත් පී.සී.ආර් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි“ යයිද වෛද්‍ය සමරවීර මහතා පැවසීය.

පී.සී.ආර් පරීක්ෂණවලට භාජනය වූ පුද්ගලයින් පී.සී.ආර් වාර්තා ලැබෙන තෙක් එහා මෙහා ගමන් කරන්නේ නම් එය ප්‍රජාවට පමණක් නොව ඔවුන්ගේ ආසන්නතම පවුලට ද විශාල අනතුරක් වනු ඇතැයි වෛද්‍ය සමරවීර මහතා පැවසීය.

“පී.සී.ආර් පරීක්ෂණයකට ලක්වී එය සෘණ අගයක් ගත් පමණින් යමෙකු නිරෝගී බවක් අදහස් වෙන්නේ නෑ. නොවේ. යමෙකුට රෝග ලක්ෂණ පහළ වී නොතිබුණත්  ඔවුන් සංචරණය සීමා කළ යුතුයි. එසේ නොවුවහොත් රෝගය පැතිරීම පාලනය කිරීම දුෂ්කර වේවි“ යයිද වෛද්‍ය සමරවීර මහතා පැවසීය.

213



අදහස් (1)

පී.සී.ආර්. පරීක්‍ෂණය කළොත් දෙසතියක නිරෝධායනය අනිවාර්යයි

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 17 November 2020 09:21 AM

පසුගිය දවස්වල අලුත්ගම නගරයේ පී සී ආර් පරීක්ෂණ කළා. අත්මේස් මාරුකලේ නැහැ. එතැන ඒක ආසාධිතයෙකු සිටියා නම්,ඔක්කෝටම වැඩේ හරි.

:       4       20

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


වරප්‍රසාදවලට මුවාවී ඇමැති උසාවිය හෑල්ලු කරනවා
2024 ජුනි මස 24 442 0

පාර්ලිමේන්තුවේ පසුගිය 19 වැනිදා පැවැති විවාදයක් අතරතුරදී අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අධිකරණ පද්ධති


පූජා නගරයට කුඩු බෙදූ ගුරුවරිය සහ සුපවේදී සැමියා මාට්ටු
2024 ජුනි මස 24 497 0

පොසොන් සමය ඉලක්ක කර ගනිමින් අනුරාධපුරයට පැමිණෙන මත්ද්‍රව්‍ය ලෝලීන්ට මත්කුඩු බෙදා හැරීමට සූදානම්ව සිටි, අනුරාධපුර නගර මධ්‍යයේ ඇති, ප්‍රධාන පාසලක පුහු


ගෑනු හුටපටයකට හොල්මන් මන්දිරයේ යක්කු ගහ ගනිති
2024 ජුනි මස 24 1428 0

සිය අනියම් පෙම්වතා සමඟ නවගමුව ප්‍රදේශයේ හොල්මන් මන්දිරයක් බැලීමට ගොස් සිටියදී එහි මිනී පෙට්ටියේ වැතිර සිටි තරුණියගේ විවාහක සැමියා ඇය හඳුනාගෙන පහරද


දඹුල්ල තණ්ඩර්ස් හිමිකාරිත්වය ඉල්ලා නඩු දමයි
2024 ජුනි මස 24 388 0

එල් .පී.එල්. ක්‍රිකට් තරඟාවලියට ඉදිරිපත්වන දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය අවලංගු කිරීමේ තීරණය නීති විරෝධී බවට ප්‍රකාශයක් නිකුත් කර එහි හිමික


කෝටි 20ක අයිස් මධ්‍යම තැපැලෙදී මාට්ටු
2024 ජුනි මස 24 320 0

පාකිස්තානයේ සිට එවා තිබූ පාර්සලයක තිබී රුපියල් කෝටි 20 කට ආසන්න වටිනාකමින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 කට ආසන්න තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 226 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1440 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3217 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site