
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රාජකාරියේ නිරත , යුද හමුදා නිලධාරියකු නිවාඩු පැමිණීමෙන් පසුව කොරෝනා වෛරසය වැළඳුණු බවට තහවුරු වීමත් සමඟ ඔහු සංචරණය කළ පිළියන්දල සමීපතමයින් හා සංචරණයට ලක් වූවක් 113 දෙනෙකු අද (16) පී.සී.ආර් පරීක්ෂණයට යොමු කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය .
මෙම ආසාදිතයා රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටින අතර , ඉකුත් 4 සහ 5 යන දිනවල ඔහුගේ මව පදිංචි පිළියන්දල දැල්තර ප්‍රදේශයට පැමිණ ඇති අතර එහිදී පිළියන්දල නගරයේ රාජ්‍ය බැංකුවකට ,ගරාජයකට ,ව්‍යාපාරික ස්ථාන තුනකට සහ නිවාස හතරකට ගොස් ඇතැයි පැවසේ .
ඒ අනුව එම ස්ථාන නිරෝධායනයට ලක් කොට එහි සේවය කළ 39 දෙනෙකු ඉකුත් 14 දා ස්වයං නිරෝධායනයට ලක් කළ බව වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා කීය .
පසුව එම ස්ථානවල සමීපතමයන් හා සංචරණය කළ වූවන් 113 පිලියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේ දී සහ දැල්තර ප්‍රාථමික විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී මෙසේ පී.සී.ආර් පරීක්ෂණයට ලක් කෙරිණි.
ඒ අතර පිලියන්දල කැස්බෑව කහතුඩුව බොරලැස්ගමුව මොරටුව හොරණ බණ්ඩාරගම බෙන්තර කඩුවෙල රත්මලාන දෙහිවල මහරගම එගොඩ උයන සහ රාජාංගනය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලට අයත් පුද්ගලයන් 113 මෙම පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය .

COMMENTS
කඳවුරු වල සේවය කරන හමුදා නිලධාරීන්, මතුද්‍රව්‍ය නිවාරණ නිලධාරීන් නිවාඩුවට ගෙදර යන්න කළින් PCR පරීක්ෂණයට ලක්කරනවා නම් මේ ප්‍රශ්න මුකුත් නැහැ නේද?
මම දැනට ත්‍රිකුණාමලයේ නිරෝධායනය වෙමින් ඉන්නේ... මම දැකපු දෙයක් තමයි මෙහෙ නිරෝධායනය වන මිනිස්සු සත්තු ඉඳුල් කෑම දෙනඑක... මට පොඩි බියක් දැනෙනවා සත්තුන්ගෙන් අවට සිටින ගම්වාසීන්ට මේ කොරෝනා බෝවෙයිද කියන එකට... කන්දකාඩුවෙත් එහෙම වුණාද දන්නැහැ.
ගෙදර අයවද පළමුව pcr පරීක්ෂණයකට යැවුවොත් නරකද? නැතිනම් මේ මිනිසුන් ගෙදර යන්න කළින් ගෙදරට යන අතර මගදි ගෙට ඇතුල්වෙන්න කළින්, ගෙදරින් එළියට යන්න කලින් කෙළවරක් නැති PCR ....