IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


පිසීආර් ගන්න එන්න කියූ පීඑච්අයිට බැණ වදී

 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 
 
මුන්දලම උඩප්පුව ප්‍රදේශයේ පිරිසක් ජෛව පටල පරික්ෂාවකට රැගෙන යාමට පැමිණි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට බැන වැදී සිරුරට ගිනි තබා ගන්නා බවට තර්ජනය  කිරිමෙන් පසුව උඩප්පුව පොලිසිය මැදිහත්ව එම පිරිස පරික්ෂණ වලට අද (8) යොමු කළ බව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය නිළධාරි ඒ.ආර්.ජවුසි මහතා පවසයි.

 
මෙසේ ජෛව පටල පරික්ෂාවකට යොමු කිරිම සදහා කටයුතු කර තිබුණේ උඩප්පුව පොලිස් වසමේ මේ වන විට කොරෝනා ආසාදිතයින් වාර්තා වි ඇති නිවාස තුනක  පදිංචිකරුවන් බව කියයි.
 
ආසාධිතයින්ගේ පළමු ආශ්‍රිතයින් වන මෙම පවුල් තුනක පිරිස සදහා මුන්දලම පුලිච්චිකුලම මාතෘ සායන මධ්‍යස්ථානයේ දී ජෛව පටල ලබා ගැනීමට කටයුතු කර තිබූ බව කියයි.
 
අදාල ආශ්‍රිතයින් අතර සිටි පුද්ගලයකු මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා ඉදිරියට කඩා වැදි තමන් හෝ තම පිරිස පිසිආර් පරික්ෂණ සදහා රැගෙන ගියහොත් සිරුරට පෙට්‍රල් වක්කර ගිනි තබා ගන්නා බවත් ඒ සමගම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාව මාරු කර යවන බවටත් තර්ජනය කර ඇති බව කියයි.

පසුව අදාල මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි ඒ .ආර් .ජවුසි මහතාට හා මුන්දලම ප්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ටි.ටි.අජීත් රෝහණ මහතාට මේ තත්වය දැනුම් දි ඇති අතර පසුව ඔවුන් උඩප්පුව පොලිසියට මේ බව දන්වා පොලිසිය පැමිණ ගිලන් රථවල නන්වා ජෛව පටල සාම්පල ලබා ගැනිම සඳහා යොමු කෙරිණි.



අදහස් (0)

පිසීආර් ගන්න එන්න කියූ පීඑච්අයිට බැණ වදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 473 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 466 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 416 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site