
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුගේ ඥාතියෙකුට කෝවිඩ් 19 වැළඳී ඇතැයි විවිධ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ප්‍රචාරවල සත්‍යතාවක් නැතැයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.
පාර්ලිමේන්තුවේදී අද (08) පැවති රැස්වීම අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට කථානායකවරයා විසින් පිළිතුරු ලබා දෙමින් කළ ප්‍රකාශයක් මෙම ප්‍රවෘත්තියට පදනම් වී තිබේ.
එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අවධාරණය කරනු ලැබුවේ බත්තරමුල්ලේ පිහිටි රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු කටයුතු අංශයේ සේවකයෙකුගේ ඥාතියෙකුට කෝවිඩ් වැළඳී ඇති බවට සැකයක් පවතින බැවින් එම කාර්යාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු අනෙකුත් පුද්ගලයන්ට ඊයේ දිනයේදී ඇතුළුවීමට අවකාශ ලබා දී නොමැති බවයි.
එසේ හෙයින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුගේ ඥාතියෙකුට කෝවිඩ් 19 වෛරසය වැළඳී ඇති බවට පළවන වාර්තාවල සත්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
කණගාටුදායක පුවතක්...!!!
ෂාන්ට ඕනෑ දැන් මොනවා හරි කියලා පත්තරේ නම දා ගන්න නේ. ඔයිට හොඳයි පත්තරයක් ගැහුවා නම්... ඇයි හොරකම් කරපුවා තියෙනවනේ කප්පරක්... පළාත් සභාවට යනකොට කොහොමද? පුලුවන්ද දැන් වත්කම කියන්න. දැන් ෂාන්ට ලංකාවම වුණත් ගන්න පුලුවන්...
අනේ දෙවියනේ අපිට තිබුණේ එකම බලාපොරොත්තුව ඒකත් හරියන්නෑ වගේ
එහෙනම් ඉතින් මොනවට බයවෙනවද.?
ශ්‍රී ලාංකිකයන් මොනතරම් අවාසනාවන්ත ජාතියක්ද? ලැබුණු ඒ අනර්ඝ අවස්ථාවත් මගහැරිලා...