පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ  සහ පාර්ලිමේන්තුවේ  අනෙකුත් කාර්යාංශවලට අයත්  පුද්ගලයින් පස් දෙනකු ද, ආරක්ෂක අංශයේ එක් අයෙකු  මෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටත ආරක්ෂක කලාපයේ අනියුක්ත තිදෙනකුට කොරෝනා අසාදනය වී ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.
 
පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 32 ක් , පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, සේවයේ නියුතු අනෙකුත් කාර්යාංශ හා අනුබද්ධිත කාර්යාංශ සහ ආරක්ෂ අංශයන්හි  911 ක්  ඇතුළු 943 දෙනකුට කළ පී සී ආර් පරීක්ෂණයකින් පසු මෙම  පුද්ගලයින් 9 දෙනා හඳුනාගෙන ඇතැයි  එම ආරංචිමාර්ග  සඳහන් කරයි.
 
එම ආසාදිතයින් ආ ගිය ස්ථාන පිළිබඳව සි.සී.ටී.වී.  මගින්  නිරීක්ෂණය කර  හඳුනා ගැනීමට  මේ වන විට පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බවද  ඉන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග  ගන්නා බවද එම ආරංචි මාර්ග කියයි.