IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 623 ට නගී

අද (12 වැනිදා- ඉරිදා) රාත්‍රී 10.00 වන විට ජාතික බෝවන රෝග මර්ධන ඒකකය විසින් නිකුත් කරන ලද වාර්තාව අනුව කොරෝනා වයිරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවත් 10 කින් වැඩිවී තිබේ. ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 623 කි.

අද පස්වරු 3.00 වන විට ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සංඛ්‍යාව 614 ක් වූ අතර පැය 7 ක් ඇතුළතදී එය 623 දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වයිරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව මේ වන විට 2615 දක්වා ඉහළ ගොස් තිබේ.

=======================================================================================

කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයන් තවත් 90 දෙනෙකු අද (12) සවස 3 වන විට වාර්තා වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඒ අනුව වයිරසය ආසාදිත මුළු පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 2605 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

=====================================================================

අද (12) උදෑසන සිට රාජාංගණයෙන් රෝගීන් 4 දෙනකුද, සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රෝගීන් 76 දෙනකුද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රෝගීන් 14 දෙනකුද හමුවී තිබේ.

බෝවන රෝග මර්ධන ඒකකය විසින් කොවිඩ් - 19 වයිරසය සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලබන නිල වෙබ් අඩවියේ දත්ත අනුව ඊයේ (11 වැනිදා - සෙනසුරාදා) සවස 6.15 වන විට කොරෝනා වයිරසය ආසාදනය වී සිටි සංඛ්‍යාව 2459 කි. අද පස්වරු 3.00 වන විට නිකුත් කරන ලද දත්ත අනුව කොරෝනා වයිරසය ආසාදනය වී සිටි සංඛ්‍යාව 2605 කි.

ඒ අනුව දිනයකටත් අඩු (පැය 21 ක) කාලයකදී ශ්‍රී ලංකාවෙන් කොරෝනා වයිරස ආසාදිතයන් 146 දෙනකු හමුවී තිබේ.

මේ වන විට රෝහල්වල පුද්ගලයින් 613 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර සුවය ලබා පිටව ගිය පුද්ගලයින් 1981 කි. වයිරසය ආසාදනය වී පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇත.



අදහස් (5)

ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 623 ට නගී

කල්පනා Monday, 13 July 2020 12:55 AM

වන විනාසය ගංගා ඇලදොලට හානිකිරීම පරිසර විනාශය හා එයින් ඇතිවන වායුගෝලයේ දූෂණයවීමත් සෞඛ්‍යය උපදෙස් නොසලකා කටයුතු කරනබවක් පෙනීමත් මෙලෙස නැවත රෝගීන් වැඩිවීමට හේතුවුනා විය හැකිය. ඒ අතර මාර්තු අප්‍රේල් කාලයේ රෝගයෙන් වැලකී සිටීමට තිබූ උනන්දුවද මේවනවිට දකින්ට නොමැති බවක්ද පෙනේ.

:       54       84

ranaMonday, 13 July 2020 08:16 AM

ඇත්ත, ලොකු අය හිටගෙන පොඩි අය දුවදුව කරනවා කියන්නේ නේද?

:       0       0

ගරසරප Monday, 13 July 2020 02:23 AM

දෙවෙනි රැල්ල එන බව තක්කෙටම කියුවෙ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමනකි. එතුමාට තිබෙන ජාත්‍යන්තර හයිය අවතක්සේරු නොකරන්න.

:       8       27

සමිත සේනක අලුත්ගමගේ. Monday, 13 July 2020 04:38 AM

මේ අසීරු අවස්ථාවේ දී අනිල් ජාසිංහ මහතා ප්‍රධාන වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය කරන සේවය අතිමහත්ය. එය සුළුපටු නොවේ. වෛද්‍යවරුන් යනු දෙවිවරුන්ය. එවන් දෙවිවරුන්ව අප අගයන්නෙමු. ඔවුන් නොවන්නට මේ රට හා ජනතාව මොන තරම් අසීරු තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙන්නට ඇත්ද. එසේ හෙයින් මේ කාර්ය මණ්ඩලවල අගය අපි හොඳ හැටි දනිමු.

:       64       48

janabala UAE Monday, 13 July 2020 09:34 AM

ජාත්‍යන්තර සවිය කිව්වේ යුරෝපය, එංගලන්තය, ඇමෙරිකාව... එහෙත් මැරෙනවා බුරුතු පිටින්. ඔබට සම්මා සම්බුදු සරණයි සහ සිරිකොතේ පිහිටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 300 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 417 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site