(ජේ.කේ.එල්. චාමින්ද)
නිවෙස්වල දි මියගොස් සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ මෘත දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණ සදහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙනවිත් කරණු ලැබු පී.සී.ආර් පරීක්ෂණයේ දි එම දෙදෙනාට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (03) තහවුරු වී ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා පැවසීය.
මියගොස් සිටි පුද්ගලයින් දෙදෙනා කුරුදුවත්ත ගිංතොට හා ටක්කියාවත්ත තලාපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය. මියගිය එක් අයෙකු 59 හැවිරිදි වියේ පසුවන අතර අනික් පුද්ගලයා 77 හැවිරිදි වියේ ය.
මොවුන් දෙදෙනා සිය නිවෙස්වල දි මියගොස් සිටි අතර ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක ඒ.එච්.එම් නාසිම් මහතාගේ නියෝගයකට අනුව පශ්චාත් මරණ පරික්ෂණ සදහා මෘත දේහයන් කරාපිටිය රෝහලට රැගෙන එනු ලැබීය.ඉන් පසු කළ පී.සී.ආර් පරික්ෂණයේ දි ඔවුන්ට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා පැවසීය.
මින් එක් අයෙකු රෝහල්ගත සිට පසුව නිවසට ගොස් සිටියදි මියගිය අයකු බව ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක ඒ.එච්.එම් නාසිම් මහතා කීය. මියගිය පුද්ගලයින් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් පසු නිරෝධායන නීතිරීතිවලට අනුකුලව අදාහන කටයුතු කිරීමට සිදුකරණ බවද නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්ලිම් ජනයාව තියාගෙන කරන අපරාධවලට, ඊශ්‍රායලයේ ඒරියල් ශරූන්ට මොකද වුණේ..?
කොරෝනා සෙල්ලමකට ගත්තොත් වන්දි ගෙවන්න වෙන්නේ ගෙදර ඉන්න වැඩිහිටියන්ට. ඒ නිසා කවුරුත් තමතමුන්ට හැකි උපරිමයෙන් ප්‍රවේසම් වෙන්න වග බලාගන්න.