
(රංජිත් රාජපක්ෂ )
බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන නොර්වුඩ් ඉන්ජස්ට්‍රි වත්තේ බිරට් කොටසේ පවුල් 10 පදිංචි වතු නිවාස පේලියක් (04) සිට හුදකලා කල බව බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂක කදිරවේල් ජේ.ගනේෂ් මහතා පැවසිය.
හැටන් වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කල සේවිකාවන් සිව්දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි එම අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමෙන් පසු එම වතු යායේ පවුල් 12 කට අයත් සමාජිකයන් 47 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තාවක් අනුව ඇගළුම් කර්මාන්ත පෙර අසාදිතයෙකුගේ මවට සහ නැගණියට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (04) දින තහවුරු වි ඇත.
(04) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වු මව එම වතුයායේ තේ දළු නොලිමේ රැකියාවේ නිරතව ඇති නිසා එම අසාදිතයාගේ ළගම ආශ්‍රිතයන් ගණනාවක් එම වතු නිවාස පේලියේ පදිංචි නිසා එම වතු නිවාස පේලිය හුදකලා කිරිමට පියවර ගත් බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.
ස්වයං නිරෝධානයට යොමු කල සෙසු පිරිස සහ හුදකලා කෙරුණු වතු නිවාස පේලියේ පදිංචිකරුවන් පි.සි.ආර් පරික්ෂණයට භාජනය කිරිමට කටයුතු කරන බවද මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා පැවසිය.
මේ අතර බගවන්තලාව කැම්පියන් ලොයිනොන් වතු යායේද කොවිඩ් 19 වෛරසය අසාදනය වු කාන්තාවක් (04) දින හමු වි ඇති බවත් ඇය කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට වතුකරයේ පිහිටි ඇයගේ නිවසට පැමිණෙන අතරතුර ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොලේදි සිදු කල අහඹු ලෙස සිදු කල පි.සි.ආර් පරික්ෂණයක් අනුව ඇයට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බව බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.


2025 දෙසැම්බර් මස 18
689
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නොර්වුඩ් වතු නිවාස පේළියක් හුදකලා කෙරේ