IMG-LOGO

2024 ජුලි මස 22 වන සඳුදා


‘නිරෝධායන’ දැන්වීම ඉවත්කරනතෙක් නිවාසවලින් බැහැරයාම තහනම්

(ඉන්දිකා රාමනායක)
 
නිවෙස්වල නිරෝධායන සහ ස්වයං නිරෝධායන සඳහා යොමුව සිටින පිරිස, සෞඛ්‍ය බලධාරීන් විසින් එම නිවසේ   අලවා ඇති දැන්වීම ඉවත්  කරන තෙක් ම  එම නිවෙස් වලින් බැහැර යාම සම්පුර්ණයෙන්ම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
 
නිරෝධායනයට යොමු කර සිටින පිරිස්  එම නිවෙස් හා පරීශ්‍රවලින් බැහැරට පැමිණෙන  බවට  පොලිසිය වෙත තොතුරු ලැබී ඇති බවත් එවැනි පුද්ගලයන්ට අත්අඩංගුවට ගෙන නීරෝධායන නීතිය යටතේ ඔවුන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද  හෙතෙම කියා සිටියේය.
 
සෞඛ්‍ය බලධාරීන්  මෙම නිවෙස් නිරෝධායනයට යොමු කළ නිවසක් වශයෙන් දැන්වීම් අලවා තිබියදී මෙම පිරිස් ඒ බව නොතකා  අදාල නිවෙස් වලින් බැහැර වන බවද හෙතෙම කීය.
 
නිවෙස්වල නිරෝධායන කාලය අවසන් වු පසු  සෞඛ්‍ය බලධාරීන් විසින්  ඉවත්  කරනු ලබන බවත්,  නියමිත කාලය සම්පූර්ණ කර  සෞඛ්‍ය බලධාරීන්  දැන්වීම් ඉවත් කරන තෙක්  පුද්ගලයන්ට  එම නිවෙස් වලින්   බැහැර යාම සපුරා තහනම් බවත්   පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
 
මෙම නිවෙස් හා  එහි පුද්ගලයන් සම්බන්ධයෙන්  නිතර  විමසිල්ලේ සිටින ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (3)

‘නිරෝධායන’ දැන්වීම ඉවත්කරනතෙක් නිවාසවලින් බැහැරයාම තහනම්

සමිත සේනක අලුත්ගමගේ Thursday, 18 February 2021 09:22 AM

ඔබතුමන්ලා ප්‍රකාශකවරුන් ලෙස ගිරව් වගේ කියවීමෙන් පමණක් හරියන්නේ නැහැ. ඔබතුමන්ලාගේ නිලධාරීන්ද, ‍සෞඛ්‍ය අංශද පැමිණ මිනිසුන් නිරෝධායනය කොට නිවෙස් වලට දැන්වීම් අලවා යනවා. ගියා ගියාමයි ඒ මිනිසුන් කෑවේ බීවේ කෙසේ දැයි කියා නිකමටවත් සොයා බලන්නේ නැහැ. අහළ පහළ කිසිවෙකුත් එන්නෙත් නැහැ. ඒ නිසා ඒ නිරෝධායනය වූ මිනිසුන්ට කන්න බොන්න විදිහක් නැහැ. ඒ මිනිස්සුන්ටත් බඩගින්න දැනෙනවා. එහෙම නැතිව ඔබතුමාලා පවසන විදිහට ඒ මිනිසුන්ට හුළං බීලා ඉන්නට බැහැ. ඒ මිනිසුන් බඩගින්න ඉවසා ගන්නට නොහැකි වුණාම මොනවා හරි කන්න ගේන්න එළියට යනවා. ඒ නිසා කරුණාකර ඒ මිනිසුන්ව ගෙට දාලා බෝඩ් ගහලා පැත්ත නොබලා ඉන්නේ නැතිව කන්න බොන්න මොනවා හරි යවන්න. වියයුත්තේ එයයි. එහෙත්, නොවන්නේද එයයි...

:       1       24

jagathThursday, 18 February 2021 10:46 AM

සම්පූර්ණ ඇත්ත..

:       0       7

raveendra Thursday, 18 February 2021 05:21 PM

සර්ලා කියන විදියකට තමයි ඉතින්. රට තියෙනවනේ. ඒ ඇති අපිට. එන පාර ඡන්දෙටත් අපි සර්ලාටම තමයි ඡන්දෙ දෙන්නේ. ඒක නිසා කන්න බොන්න නැතුවට කමක් නෑ. ඉන්න රට බේරලා දෙන්නකෝ.. ගියපාර ඇණුන කටු තාම ගලවන ගමන් ඉන්නේ අපි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලෝක නායකයෝ විලාසිතා දැක්මක....
2024 ජුලි මස 22 93 0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු ප්‍රසිද්ධ ලෝක නායකයන් සහ තාක්ෂණික ලෝකය


ළමයින්ට එන්නත් දෙන්න ජපානයෙන් තෑග්ගක්
2024 ජුලි මස 22 62 0

ශ්‍රී ලංකාව පුරා සිටින ළමයින්ට එන්නත් ලබාදීමේ ක්‍රමවේදය වැඩි දියුණු කිරීම සඳහා ජපාන රජයේ ආධාර මත සෞඛ්‍ය අමාත්‍යාංශයට ශීතකරණ පහසුකම් සහිත ට්‍රක් රථ 9


ජනපතිවරණය ගැන ජනපතිගෙන් යළි සහතිකයක්
2024 ජුලි මස 22 286 0

අයවැයෙන් මුදල් වෙන්කළේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී


විසි දෙක 26 මැතිසබයට?
2024 ජුලි මස 22 310 0

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ලබන 26 වැනිදා ඉදිරිපත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර


අනුර කුමාර - ජපාන විදේශ අමාත්‍ය අතර හමුවක්
2024 ජුලි මස 22 303 0

මේ වන විට ජපානයේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුගේ යශැහීමී (TSUGE Yoshifumi )මහතා අතර හ


ටැටු දුලාන්ගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්
2024 ජුලි මස 22 420 0

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුලු දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 170 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1069 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1928 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site