IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


නැගෙනහිර පළාතෙන් පැය 24 ට ආසාදිතයන් 42ක් 

 
(අමදෝරු අමරජිව)
 
නැගෙනහිර පලාතේ අද (21) දිනයෙන් අවසන් වු පැය 24ක කාලය තුලදි කොවිඩ් 19 ආසාදිතයන් 42ක් සොයා ගැනිමට හැකි වු බව පලාත්සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අලගයියා ලදාහරන් මහතා පැවසීය.
 

නැගෙනහිර පලාතේ  කොවිඩ් 19  ආසාදිතයන් සම්බන්ධයෙන්  අද( 21) ත්‍රිකුණාමලයේ  පිහිටි පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල ශ්‍රවනාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදි පලාත් අධ්‍යක්ෂවරයා මේ බැව් අවධාරණය කලේය.

මෙහිදි තවදුරටත් අදහස් දැක්වු පලාත් සෞඛ්‍යා සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අලගයියා ලදාහරන් මහතා ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශ ලෙස ගත් කල්හි කොවිඩ් 19 ආසාදිතයන් ලෙස ත්‍රිකුණාමලයෙන් 15ක්, කින්නියාවෙන් හයක් , කල්මුණේ දකුණ  අටක්, සයින්දමරුදු නවයක්,  අඩ්ඩාලච්චේන එකක් ,සමන්තුරේ දෙකක් හා කිරාන් ප්‍රදේශයේ  එකක් ලෙස ගත වු පැය 24 තුල සොයා ගන්නා ලදි.ත්‍රිකුණාමලයේ ආසාදිතයන් 15 අතරින් සිවු දෙනෙකු , කින්නියා ආසාදිතයන් හයදෙනා අතරින් දෙදෙනෙකු පාසල් සිසුන් වේ.
 
මේ නිසා මෙම සිසුන්ගේ  පාසල් වල අනෙක්  සිසුන්ගේ ද රැපිට් ඇන්ටිජෙන් පරික්ෂාව කරන්න බලාපොරොත්තු  වෙනවා යැයි සෞඛ්‍ය බලධාරින් පැවසීය.
 
මෙම හමුවට ත්‍රිකුණාමලය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩි.ජි.එම්. කොස්තා ,නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය වි.ප්‍රේම් ආනන්ද්, වසංගත රෝග වෛද්‍ය තංගදොරෙයි නිලෝජන් යන මහත්වරුද එක්වුහ.
 

 



අදහස් (0)

නැගෙනහිර පළාතෙන් පැය 24 ට ආසාදිතයන් 42ක් 

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 280 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 317 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1245 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site