IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


නාගොඩ නිවසකදී මිය ගිය සැමියාට-බිරිදට කොරෝනා

(සිරංගිකා ලොකුකරවිට)    

ගාල්ලේ නාගොඩ නිවසක දී මියගොස් සිටි එකම පවුලේ සැමියා සහ බිරිඳ දෙදෙනා ම කොරෝනා ආසාදිත බව තහවුරු වූයේයැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ නාගොඩ කුරුපනාව පදිංචි 73 හැවිරිදි පුද්ගලයකු සහ 72 හැවිරිදි කාන්තාවකි.

නිවසේ දී පෙරේදා (02) මියගිය සැමියාගේ සිරුර කරාපිටිය රෝහලට ගෙනවිත් කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදිත බව ඊයේ (03) තහවුරු විය.

මේ අතර ඊයේ (03) බිරිඳ ද නිවසේ දී ම මියගියාය. ඇගේ සිරුර ද කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනවිත් කරන ලද පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල අද (04) උදෑසන  ලැබුණු අතර ඉන් තහවුරු වී තිබුණේ ඇය ද කොරෝනා ආසාදනය වී මියගොස් ඇති බවයි.

මොවුන් දෙදෙනාගේ මළ සිරුරු නිරෝධායන නීති අනුව අද (04) සවස දඩල්ල ආදාහනාගාරයේදී දී ආදාහනය කිරීමට නියමිත බව අධිකරණ වෛද්‍ය අංශය පවසයි. 

දේහයන් සම්බන්ද මරණ පරීක්ෂණ කරාපිටිය රෝහලේදී නාගරික හදිසි මරණ පරීක්ෂක එන්.ජී.බී.කරුණාතිලක මහතා විසින් සිදුකරන ලදී.

 



අදහස් (0)

නාගොඩ නිවසකදී මිය ගිය සැමියාට-බිරිදට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 176 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 372 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 381 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site