(ප්‍රියාණි මංගලිකා )
කොරෝනා වෛරසය ආසාධිත පොලිස් නිලධාරීයාගේ පවුලේ සහෝදරයෙකු සේවය කල බවට ,පෙර දින වසා දැමුණ නිකවැරටිය තුඹුල්ල මහා විද්‍යාලය අද (11 ) යලි විවෘත කෙරුණද ,පැමිණ සිටියේ ළමුන් 40ක් සහ ගුරුවරුන් 10 දෙනෙකු පමණක් බව පාසල් ආරංචි මාර්ග සඳහන් කලේය.

පාසලේ ළමුන් 434 ක් අධ්‍යාපනය ලබන බවද ඉන් 40ක් සහ ගුරුවරුන් 31ක ගෙන් 10දෙනෙකු පැමිණ සිටි බවද ,මෙම හේතුවෙන් අධ්‍යාපන කටයුතු අඩාල වී තිබු බවද පාසැල් ආරංචි මර්ග සඳහන් කලේය .
කොරෝනා වෛරසය කොළඹ ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කරණ. කොරෝනා ආසාධිත සහෝදරයා නිවසට පැමිණ සිටි දිනවලද පාසලේ රාජකාරි කල ආරක්ෂක නිලධාරීයාගේ එම පැමිණීම හේතුවෙන් පෙර දින පාසල වසා දැමුණ බවද,පසුව පාසල විෂබීජ හරණය කිරීමෙන් පසුව පාසල යලි විවෘත කිරීමට උපදෙස් ලබා දුන් බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය .
ආසාධිත ආශ්‍රිතයා වන පාසලේ ආරක්ෂක නිලධාරීයාගේ පී.සී.ආර්.පරීක්ෂණ 11 දා සිදු කරණ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය .
බොහෝ දරුවන් ගේ දෙමාපියන් අදහස් දක්වමින් කියා සිටියේ ආසාධිත ආශ්‍රිතයා වන පාසල් ආරක්ෂක නිලධාරීයා ගේ පී.සී.ආර්.පරීක්ෂණ වාර්ථාවන් ලැබෙන තුරු දරුවන් පාසැල් එවීමට බියක් ඇති බවයි.
COMMENTS