
දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හඳුනාගැනීමෙන් පසු කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුළත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඇය 39 හැවිරිදි වියේ පසුවන්නියකි.
මෙම කාන්තාව උණ රෝගී තත්වයක් හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී රෝගය සුව වී නිවසට යාමට පෙර කළ පීසීආර් පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිතයකු බව හඳුනාගෙන ඇත.
ඒ අනුව, ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 15දෙනෙකු සහ එම කාන්තාව සේවය කළ ආයතනයේ කාර්ය මණ්ඩලයේ 40දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණක් හැදිලා රෝහල්ගත වන කෙනෙක් ඇතුල් වන මොහොතේ පී සී ආර් පරීක්‍ෂණය කලානම් මෙට කලින් අවදානම අඩු කරගන්න තිබුනා.
ජනාදිපති තුමනි, කරුණාකර මුක අවර්ණ පැලදීම, බස් වල මගීන් ප්‍රමාණය අඩු කිරීම සහ අනෙක් සෞක්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීම අනිවාර්ය කරන්න. පුලුවන්නම් ගැසට් කරන්න. අපේ රටේ ජනතාවට මෙහි බැරෑරුම් කම දන්නේ නැහැ. එක නිසා දැඩි නීති හඳුන්වා දෙන්න. අපේ මිනිස්සුන්ට විගහට අමතක වෙනවා. පිට රටවල් වල වගේ ලක්ෂ ගණන් ලෙඩ්ඩු සහ මරණ එතු උනොත් තම අපේ මිනිස්සුන්ට තේරෙන්නේ. වහාම පියවරක් ගත්තේ නැත්නම් තත්වය තව බයානක වෙන්න පුළුවන්.