
(ඩයනා උදයංගනී)
බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට ප්‍රතිකාර සඳහා හික්කඩුව ප්‍රදේශයේ මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇත.
රාජ්‍ය අමාත්‍යවරයා මීට දෙසතියකට පමණ පෙර කුරුණෑගල හෙට්ටිපොල පිහිටි සිය කාර්යාලයේදී හමුවූ පිරිසක් අතර සිටි තිදෙනකුට කොවිඩ් ආසාදනය වීම නිසා ඔහු ද පී.සී.ආර් පරීක්ෂණයක් කරගෙන ඇත.
එහිදී ජයසේකර මහතා ආසාදිතයෙකු බව හඳුනාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය පතමි මැතිතුමණි..!!!
ඔහුත් පැණි බිව් බඹරෙක්ද? කෙසේ වුණත් ඔහුටත් අන් සැමටත් ඉක්මන් සුව පතමු.
මෙතෙක් කල් බලාපොරොත්තුවෙන් සිටි ඒ පුවත අසන්නට ලැබුුණු වගයි. තව 224යි... ඔහොම යං...
අයියෝ පාර්ලිමේන්තුවේ බෝවීම පටන් අරන් තියෙන්නේ වැරැදි මන්ත්‍රීන්ගෙන්නේ.
බුදු අම්මෝ... ඇඟ කිලිපොලා යන ලොමු ඩැහැගන්වන සුළු ත්‍රාසජනක ප්‍රවෘත්තියක්නේ මේක. මිනිස්සුන්ට ලෙඩක් හැදෙන එක අරුමයක් වූ මොවුන්ට නොබෙල් ත්‍යාගය ලබාදිය යුතු යයි අපගේ අදහසයි.
මම බලාගෙන ඉන්නේ බැසිල්ට පොසිටිව් වෙනවද කියලා. එන්නතක් විදගෙන උන්නාට.. කළා නම් ඵලදෙන වෙලාවකුත් එන්න ඕනෙ නේ... යුක්රේන් මිනිස්සු ගෙන්නලා රටේ බෝවෙන හැටි බලන්න පරීක්ෂණ කරන්න තරම් අමානුෂික කම් නේද?
පැණි බීපු සෙට් එකටම මෙහෙම වෙයිද?
ඒකනේ කිව්වේ මේ අවුරුද්ද ලංකාවට ඉතාම හොඳ වෙනවා කියලා. දැන්මම පටන් අරන්... අනේ සාදු..!!! අනේ සාදු...!!!
මී වදයකි.., ජීවිතේ සින්දුවත් කියාගෙන පැණි ෂොට් එකකුත් ගහලා පාර්ලිමේන්තුව අස්සටම වෙලා ඉන්න. මේ පළාතක එන්න එපා.