IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දමන ප්‍රා. සභාවේ මන්ත්‍රීවරයෙකුට කොරෝනා

(නවරත්න සමරතුංග)

 
දමන ප්‍රාදේශීය සභාවේ උප සභාපති වෙනුර ප්‍රගීත් හෙට්ටිගමගේ (පොජපෙ) මහතාට සහ ඔහුගේ රියැදුරාට අහඹු ලෙස සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකට අනුව කොවිඩ් - 19 කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව දමන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09 දා අම්පාර උහන ලාතුගල ප්‍රදේශයේ පැවති ගම සමඟ පිළිසඳර වැඩසටහනටද උප සභාපතිවරයා සහභාගි වී ඇති බව ද, මහජනතාව සමඟ සමීපව සිටි බවද සෞඛ්‍ය අංශ විසින් අනාවරණය කරගෙන ඇත.

ඒ අනුව ඔහු සමඟ සමීපතම පවුල් 100ක් පමණ නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.

උප සභාපති වෙනුර ප්‍රගීත් හෙට්ටිගමගේ මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව දැන ගත් වහාම ඔහු සමඟ සමීපව කටයුතු කළ වනජීවි වන සම්පත් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සහ දමන ප්‍රාදේශීය සභාවේ සභාපති මංගල මහින්ද ගුණවර්ධන යන මහත්වරුන් පදිංචි නිවාස විෂබීජානුහරණය කිරීමට පියවර ගෙන ඇති අතර එම පවුල්වල අය නිරෝධායනය කර ‘පීසීආර්’පරීක්ෂණවලට යොමු කිරීමට නියමිතය.



අදහස් (0)

දමන ප්‍රා. සභාවේ මන්ත්‍රීවරයෙකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site