IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දිනක් ඇතුළත ඇමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 55,000ක්

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (3) වාර්තා වූ අතර එම ගණන 55,000 ඉක්මවා ගියේය.

ඒ අනුව නව කොරෝනා වයිරසය ලොවපුරා පැතිර යෑමට පටන් ගැනීමෙන් පසුව එක් රටකින් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන එය විය.

මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත රැසකින් දිනපතා වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩිවෙමින් තිබේ. මේ තත්ත්වය හේතුවෙන් වයිරසය පාලනය කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් ක්‍රියාමාර්ග නැවත වරක් දැඩි විවේචනයට ලක්ව ඇත. දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන් වැඩි වීමත් සමඟ ඇතැම් ප්‍රාන්ත නැවත විවෘත කිරීම් කල් දැමීමටත් වයිරසය පැතිර යෑම වැළැක්වීමට පැනවූ සීමා තවදුරටත් පවත්වාගෙන යෑමටත් පියවර ගෙන ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් බ්‍රහස්පතින්දා, එනම් ඊයේ දිනයේදී වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 55,274ක් විය. එය දිනක් ඇතුළත ඕනෑම රටකින් වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන විය. මීට පෙර බ්‍රසීලයෙන් ජූනි 19 වැනිදා වයිරස ආසාදිතයන් 54,771ක් හඳුනාගෙන තිබිණි.

ෆ්ලෝරීඩාව ඇතුළු ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50න් ප්‍රාන්ත 37කම දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩිවෙමින් තිබේ. ෆ්ලෝරීඩා ප්‍රාන්තයෙන් ඊයේ වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 10,000 ඉක්මවා ගොස් තිබිණි. දිනක් ඇතුළත ෆ්ලෝරීඩා ප්‍රාන්තයෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන ද එය විය. එම ගණන යුරෝපයේ රටකින් දිනක් ඇතුළත වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ද ඉක්මවා ගොස් තිබිණි.

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ද වයිරසය පැතිර යෑමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබේ. එම ප්‍රාන්තයේ වයිරසය ආසාදනය වූ බව හඳුනාගත් පිරිසගේ සංඛ්‍යාව 37%කින් ඉහළ ගොස් තිබෙන අතර වයිරසය ආසාදනය වී රෝහල් ගත කරන පිරිසගේ සංඛ්‍යාව පසුගිය සති දෙකක කාලයේදී  56%කින් ඉහළ ගොස් ඇත.

රොයිටර්
055



අදහස් (0)

දිනක් ඇතුළත ඇමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 55,000ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31185 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13344 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10965 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 66 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 897 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site