
(සුමතිපාල දීයගහගේ සහ ලලිත් චාමින්ද)
දකුණු පළාතෙන් අලුතෙන් හමුවු කොරෝනා ආසාදිතයින් 43 සමග මේවන විට දකුණු පළාතේ මුලු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 835 දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා මෙහෙයුම් මැදිරියේ සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පැවසීය.
මෙසේ අලුතෙන් හමුවු ආසාදිතයින් 43 න් 20 දෙනෙක් ගාල්ල දිසාවෙනි. එම සංඛ්‍යාවෙන් 12 දෙනෙක් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන්වන අතර බෝපෙ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 4 දෙනෙකුහමුවී ඇත. ඉදුරුව කොට්ඨාසයෙන් 2 දෙනෙක්ද බලපිටිය සහ රත්ගම කොට්ඨාසවලින් එක් අයෙකු බැගින්ද ඉතිරි දෙදෙනා වාර්තාවී තිබේ.
ඒ අනුව ගාල්ල දිසාවෙන් මේවන විට වාර්තාවී ඇති මුලු ආසාදිතයින් සංඛ්‍යාව 467 දෙනෙකි.මාතර දිසාවෙන් හමුවි ඇති ආසාදිතයින්ගේ සංඛ්‍යාවද 20 දෙනෙකි. ඔවුහු සියලුදෙනාම දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පදිංචිකරුවෝ වෙති.
එම සංඛ්‍යා ලේඛන අනුව මේවන විට මාතර දිසාවේ සමස්ත ආසාදිතයින්ගේ ගණන 297 කි.හම්බන්තොට දිසාවෙන්ද ආසාදිතයින් 3ක් අලුතෙන් හමුවි ඇත.අම්බලන්තොට තංගල්ල සහ අගුණකොලපෑලැස්ස යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශවලින් එක් ආසාදිතයා බැගින් එම තිදෙනා වාර්තාවී ඇතැයිද චාමර මහගමගේ මහතා සදහන් කළේය.ඒ අනුව හම්බන්තොට දිසාවේ මුලු ආසාදිත සංඛ්‍යාව 71 කි.දකුණු පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශවලින් හමුවි ඇති ආසාදිතයින්ට අමතරව කරාපිටිය ශික්ෂණ රෝහලෙන්ද එක් ආසාදිතයෙකු හමුවි තිබේ.
මේ වන විට ගාල්ල දිසාවේ පවුල් 876 ක පුද්ගලයින් 1613 ක්ද මාතර දිසාවේ පවුල් 412 ක පුද්ගලයින් 1493 ක්ද හම්බන්තොට දිසාවේ පවුල් 2320 ක පුද්ගලයින් 4700 ක්ද නිරෝධායනයට යොමු කොට ඇති බවද වාර්තාවේ.
එමෙන්ම මේවන විට දකුණු පළාතේ පුද්ගලයින් 419 ක් සුවය ලබා ඇති බවද කොරෝනා මෙහෙයුම් මැදිරියේ සම්බන්ධිකරණ නිලධාරිවරයා පැවසිය. ඒ අනුව ගාල්ල දිසාවෙන් ආසාදිතයින් 264 ක්ද මාතර දිසාවෙන් 122 දෙනෙක්ද සහ හම්බන්තොට දිසාවෙන් ආසාදිතයින් 33 දෙනෙක්ද සුවය ලබා ඇති බව වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණේ කොරෝනා ආසාදිතයන් 835ට නගී