(සිරංගිකා ලොකුකරවිට)
දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 714ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්තානය පවසයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 415ක්, මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 238ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 61ක් දක්වා ඉහල ගොස් තිබේ.
කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසන්නේ දකුණු පළාතෙන් ඊයේ (22) දිනයේ කොරෝනා අලුතින් කොරෝනා ආසාදිතයන් 33 දෙනකු වාර්තා වූ බවයි.
ඉන් වැඩිම පිරිස වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 15කි. ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 10 දෙනකු හා බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසනේ ආසාදිතයන් 05 දෙනකු බැගින් ඔවුන් වාර්තා වී ඇත.
මාතර දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 14කි. ඉන් 13 දෙනකුම දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන් වාර්තා වී ඇති අතර අකුරැස්ස කොට්ඨාශයෙන් එක් ආසාදිතයකු වාර්තා වී තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 04දෙනකු අලුතින් වාර්තා වී තිබුණු අතර ඔවුන් තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 02ක්, අම්බලන්තොටින් හා අගුණුකොළපැලැස්සෙන් එක් ආසාදිතයකු බැගින් හමුවී තිබේ.
2025 නොවැම්බර් මස 04
332
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2143
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1622
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දකුණේ කොරෝනා ආසාදිතයන් 714යි