කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 6දෙනෙකු සුවය ලබා අද(17) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2676කි. මේ වනවිට රෝහල්ගතව සිටින පිරිස 206 දක්වා පහළ බැස ඇත.

සුවය ලැබූ අය අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් එක් අයෙක්ද, වැලිකන්ද මූලික රෝහලෙන් 4දෙනෙක්ද, ඉරණවිල රෝහලෙන් එක් අයෙක්ද වෙති.

ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පිටව ගිය පුද්ගලයා විදේශිකයකු බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන්කරයි.

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 2893ක් වන අතර මේ වනවිට 11 දෙනෙකු මියගොසිනි.