IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තවත් 43දෙනෙකුට කොරෝනා

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

කෝවිඩ්-19 ට එරෙහි ක්‍රියාන්විතයට සම්බන්ධ ශ්‍රී ලංකා නිල අන්තර්ජාල අඩවියට අනුව, ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 520 දක්වා ඉහළ ගොස් තිබිණ. ඒ අද(12) උදෑසන 07.34 වනවිට නිකුත් කරන ලද දත්ත අනුසාරයෙනි.

මේ අතර, පුද්ගලයන් 43දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද උදෑසන තහවුරු වී ඇත. මෙයින් 13දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වන අතර, සෙසු 30දෙනා එම පිරිසගේ ආශ්‍රිතයන් බව හඳුනාගෙන ඇත.

ඒ අනුව, අද වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2511 ක් වූ අතර ඔවුන් අතුරින් 1980 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබිණ.
 



අදහස් (3)

තවත් 43දෙනෙකුට කොරෝනා

දිලාන් Sunday, 12 July 2020 04:37 AM

පොඩ්ඩක් හොයලා බලන්න ඕනා මේක පිටිපස්සේ ඉන්නේ "පුතාණෝද" නැත්නම් වෙන කවුරුහරිද කියලා?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 12 July 2020 04:54 AM

මත්ද්‍රව්‍ය ලෝලීන් හරහා කේරල ගංජා හා කුඩු ආදියෙන් ඉන්දියාව හරහා වෛරසය පැමිණෙන්නට ඇතැයි කාට හෝ උපකල්පනය කළ හැකියි නේද..? එසේ නම් මේ කුඩුකාරයින්, ගංජාකාරයන් එවැනි නොසන්ඩාලයින් නිසා මේ රටේ අහිංසක මහජනතාව තවදුරටත් දුක් විඳිය යුතුද..? මේ කුඩුකාරයන්, ගංජාකාරයින් වැනි ඒ අයට තවදුරටත් මේ සෙල්ලම කරගෙන යාමට ඉඩ දිය යුතුද...? ඔවුන් පුනරුත්ථාපනයට ද විශාල මුදලක් වැය වනවා හැරෙන්නට ඔවුන්ගෙන් මහජනතාවට සිදුවනුයේද විශාල අවැඩක්ය. මේ හැතිකරයෙන් තවත් කල් නොයවා රටේ ජනතාව බේරා ගත යුතුයි.

:       0       0

janahitha UAE Sunday, 12 July 2020 08:10 AM

මත්ද්‍රව්‍ය සංසරණය තුළ මෙම වයිරසය පැතිරෙන බව දැන් පැහැදිලි වෙනවා. ආරම්භය සුදුවැල්ලේ මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් යැයි කිව හැක. මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් අනුකම්පා විරහිතව මව්බිමෙන් අතුගා දැමිය යුතු කාලය එළඹ ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site