
අන්තර්ජාලය මගින් වාහන ආදායම් බලපත්‍ර ඉල්ලුම් කිරීමේදී වාහන හිමියන් වෙත නිකුත් කරනු ලබන තාවකාලික ආදායම් බලපත්‍රයේ වලංගු කාලය නැවත දැනුම්දෙන තුරු දින 30ක් දක්වා දීර්ඝ කර ඇතැයි දකුණු පළාතේ ප්‍රධාන ලේකම් ආර්.සී. ද සොයිසා මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් තැපැල් කටයුතු සීමාකිරීම හමුවේ මහජනයා අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා අන්තර්ජාලය හරහා වාහන ආදායම් බලපත්‍ර ඉල්ලුම් කිරීමේ පහසුකම සලසා දී ඇති බවද නිවේදනයේ දැක්වේ.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.