
(අමදෝරු අමරජිව)
ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙදියන් පස් දෙනකුට කොවිඩ් 19 ආසාදනය වි ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසීය.
ආසාදිත හෙදියන් පස් දෙනා අතරින් දෙදෙනකු කොවිඩ් 19 වැලැක්විම සදහා වැක්සීනයේ පලමු මාත්‍රාව ලබාගත් දෙදෙනකු සිටින බවද වෛද්‍ය අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.
දැඩි සත්කාර ඒකකයේ රෝගින් හතර දෙනකු ප්‍රතිකාර ලබන අතර එම රෝගින්ට කොවිඩ් 19 ආසාදනය වි නොමැති බව කී වෛද්‍ය අධ්‍යක්ෂවරයා දැඩි සත්කාර ඒකකයට ඉදිරි දින14 තුල පිට ප්‍රදේශ වලින් රැගෙන එන රෝගින් ඇතුලත් කර ගැනිම නවතා මේ බව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම් දුන් බවද කීය.
දැඩි සත්කාර ඒකකයේ පුහුණු හෙදියන් 14 දෙනකු සිටින අතර ආසාදිත හෙදියන් පස්දෙනා හැරුණු විට දැනට නේවාසික රෝගින් ප්‍රතිකාර කිරිම අඛණ්ඩව සිදුකර ගෙන යන බවද රෝහල් අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.
මේ අතරදැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගින් බැලිමට ලබාදුන් අවස්ථාවද තාවකාලිකව නවතා දැමු බව දකීය.
2025 දෙසැම්බර් මස 30
75
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ත්‍රි‘මලේ රෝහලේ හෙදියන් පහකට කොරෝනා