(අමදෝරු අමරජිව)
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වි ඇතැයි ත්‍රිකුණාමල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
විභාග සදහා කණ්ඩායම් වශයෙන් ගෙන්වා ගෙන නිරෝධායනයට ලක්කර සිටි සිසුන් දෙදෙනෙකු රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම නිසා සිදුකළ රැපිට් ඇන්ටිජන් හා පී.සී.ආර්. පරික්ෂණවලදි මෙම අසාදිතයන් හදුනාගත් බව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩි.ජි. එම්. කොස්තා මහතා පැවසීය.
මේ හේතුවෙන් විභාගවලට පැමිණි නේවාසිකව සිටින සිසුන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බව කී වෛද්‍ය අධ්‍යක්ෂවරයා මෙම වයිරසය කිසිසේත්ම පිටතට ඒමට ඉඩක් නොමැති බවද කීය.
මේ අතර උප්පුවේලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ සිදුකළ රැපිට් ඇන්ටිජන් පරික්ෂණයේ දි ගාන්ධි නගර් ප්‍රදේශයෙන් ආසාදිතයන් 16ක් හදුනාගත් බවද වෛද්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කිය. ආසාදිත සිසුන් දෙදෙනා මහනුවර හා නාවලපිටිය පදිංචිකරුවන් බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd