IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජූලි මාසයේදී ඇමෙරිකාවෙන් කොරෝනා වයිරස ආසාදිත මරණ 25,000ක්



ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ජූලි මාසයේදී නව කොරෝනා වයිරස ආසාදිත මරණ 25,000ක් වාර්තා වී ඇතැයි ප්‍රාන්ත 19කින් වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන දෙගුණ වී ඇතැයි ද රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
 
මේ තත්ත්වය ආර්ථිකය ඉක්මනින් නැවත විවෘත කිරීමේ ඇමෙරිකාවේ බලපොරොත්තුවලට දැඩි පහරක් එල්ල වී තිබේ.
 
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ජූලි මාසයේදී වාර්තා වී ඇති ආසාදිතයන්ගේ ගණන මිලියන 1.87කි. මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන මිලියන 4.5කි. කලින් මාස හා සැසඳීමේදී ජූලි මාසයේදී ආසාදිතයන් වාර්තා වීම සියයට 69කින් වැඩි වී තිබේ.
 
 ජූලි මාසයේදී මරණ සියයට 20කින් වැඩි වී තිබෙන අතර ඒ අනුව ඇමෙරිකාවෙන් අද වනවිට වාර්තා වන වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 154,000කට ආසන්න වේ.
 
පසුගිය ජූලි මාසයේදී වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයෙනි. ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් ජූලි මාසයේදී වාර්තා වී ඇති ආසාදිතයන්ගේ ගණන 310,000කි. ඉන්පසු කැලිෆෝනියා සහ ටෙක්සාස් යන ප්‍රාන්තවලින් ආසාදිතයන් 260,000 බැගින් වාර්තා වී ඇත. මේ ප්‍රාන්ත තුනෙන්ම ජූලි මාසයේදී වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන දෙගුණයකින් වැඩි වී තිබේ.
 
ඇලබාමා, ඇලස්කා, ඇරිසෝනා, අර්කැන්සස්, ජෝර්ජියා, හවායී, අයිඩහෝ, මිසිසිපි, මිසූරි, මොන්ටානා, නෙවාඩා, ඔක්ලහෝමා, ඔරිගන්, සවුත් කැරොලිනා, ටෙනිසි සහ වෙස්ට් වර්ජීනියා යන ප්‍රාන්තවලින් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන ද දෙගුණ වී ඇත.
 
ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක් පෙන්වා ඇත්තේ කනෙටිකට්, මැසචුෂෙට්ස්, නිව්ජර්සි සහ නිව්යෝක් යන ප්‍රාන්තය . එම ප්‍රාන්තවලින් ආසාදිතයන් වැඩි වී ඇත්තේ සියයට 8කින් හෝ ඊට අඩු අගයකිනි.
 
‘කොවිඩ්-19’හෙවත් නව කොරෝනා වයිරස වසංගතය පැතිර යෑමට පටන් ගැනීමෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන ජූලි 16 වැනිදා වාර්තා විය. එදින ඇමෙරිකාවෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 77,000 ඉක්මවීය. ජූලි මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50න් 33කින්ම දිනක් ඇතුළත හඳුනාගත් වැඩිම ආසාදිතයන්ගේ ගණන වාර්තා විය. ඊට අමතරව පැය ප්‍රාන්ත 19කින් පැය 24ක් ඇතුළත සිදු වූ වැඩිම වයිරස ආසාදිත මරණ ගණන ද වාර්තා විය.
 
රොයිටර්
 
(055)



අදහස් (0)

ජූලි මාසයේදී ඇමෙරිකාවෙන් කොරෝනා වයිරස ආසාදිත මරණ 25,000ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site