ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෙට (26) පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි සැල්, ඖෂධ වෙළෙඳසැල් විවෘත කර තබන බව ‘කොවිඩ්-19’ වයිරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයට මේ වනවිට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු ශාඛා ද හෙට (26) දිනයේ විවෘතව තබන බව ‘කොවිඩ්-19’ වයිරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මෙම බැංකු ශාඛා විවෘත කිරීම සඳහා අවශ්‍ය වන කාර්යමණ්ඩලවලට සිය ආයතනික හැඳුනුම්පත භාවිත කර අදාළ බැංකු ශාඛා වෙත පැමිණිය හැකි බව ද ‘කොවිඩ්-19’ පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි.

055