(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි කනිෂ්ඨ කාර්ය මණ්ඩලයෙහි ඇතුලු 11 දෙනෙකුට කොරෝනා රෝග තත්ත්වය ආසාදනය වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතුරින් කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇති බව කළ විමසුමකට පිළිතුරු දෙමින් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා පැවසූ අතර මංගල උත්සවයකට සහ අවමංගල්‍යයකට සහභාගිවූ පිරිස් දෙකකින් රෝග තත්ත්වය ආසාදනය වීම සිදුව ඇති බව අනාවරණය වී ඇතැයිද කීය.
ආසාදිතයින් අතර හෙදියන් දෙදෙනෙකු, සුළු සේවා පාලක තිදෙනෙකු, සංවර්ධන නිලධාරිනියක සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු වෙති.
මේ අතර ගම්පහ තවත් සෞඛ්‍ය කාර්යාල දෙකකින්ද ආසාදිතයින් කිහිප දෙනෙකු හමුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd