(තිලකරත්න  දිසානායක)

කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව අද (5) උදෑසන වනවිට 70,817 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවත් පැය 24 ක කාලය තුල ආසාදිතයින් 1294 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

මින් 190 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති අතර සෙසු කොට්ඨාස ආශ්‍රිතව හමුවීම බියගම  - 174 ක්,  වත්තල  - 131 ක්, මීරිගම  - 120 ක්,  මිනුවන්ගොඩ  - 111 ක්,  කැලණිය  - 99 ක්, අත්තනගල්ල  - 90 ක්,  ගම්පහ  - 87 ක්,  දොම්පෙ  - 68 ක්,  රාගම  - 58 ක්,  දිවුලපිටිය  - 48 ක්,  ජාඇල  - 46 ක්,  මීගමුව  - 33 ක්, කටාන  20 ක් සහ සීදූව කොට්ඨාසයෙන් ආසාදිතයින් 19 දෙනෙකු වශයෙන් සිදුව ඇත.

උදෑසන වනවිට පැය  24 ක් තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 57 දෙනෙකු හමුව ඇති අතර එම කාලය තුල දිස්ත්‍රික්කයෙහි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත  රෝගීන් 491 දෙනෙකු යොමු කොට ඇති බවත්  සැක සහිත රෝගීන් 25 දෙනෙකු රෝහල් ගත කොට ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. 

ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින්  17,586 දෙනෙකු නිවෙස්වල ස්වයංනිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.