
කඩිනමින් ප්‍රතිඵල ලබාදෙන, නිවසේදීම ‘කොවිඩ්-19’ වයිරසය ආසාදිත දැයි පරීක්ෂා කළ හැකි ක්ෂණික (රැපිඩ්) කොරෝනා වයිරස පරීක්ෂණ උපකරණයකට ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ අවසරය හිමි වී තිබේ.
නව කොරෝනා වයිරසයට එරෙහි සටනේ දී මෙම උපකරණය තීරණාත්මක සාධකයක් වනු ඇතැයි ද විශේෂයෙන්ම ඉදිරි මාස කිහිපය ඇතුළත ඇමෙරිකාවේ බොහෝ දෙනකුට එන්නත ලැබෙන තත්ත්වයක් තුළ මෙම උපකරණය බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇතැයි ද ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.
මෙම උපකරණයෙන් පරීක්ෂා කිරීමේදී ලබාගන්නා සාම්පල විද්‍යාගාර වෙත යැවීම අවශ්‍ය නොවන අතර වෛද්‍යවරයකුගේ උපදෙස්වලින් තොරව වයස අවුරුදු දෙකට වැඩි ඕනෑම අයකුට නිවසේදී මෙම පරීක්ෂණය කළ හැකි ය.
ඕස්ට්‍රේලියාවේ එලූම් සමාගම මෙම උපකරණය සංවර්ධනය කර තිබෙන අතර නව කොරෝනා වයිරසය පරීක්ෂා කිරීමේ එසේත් නැතිනම් වයිරස ආසාදිතයන් හඳුනාගැනීම ට අදාළව තවත් පරීක්ෂණ රැසක් කෙරෙමින් තිබේ.
ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ අධිකාරියේ හදිසි අනුමැතිය යටතේ මෙම උපකරණයට අවසර දී තිබෙන අතර ඇමෙරිකානු මුදලින් මෙම උපකරණයක් ඩොලර් 30ක් ( ශ්‍රී ලංකා රුපියල් 5,600ක මුදලකට ආසන්න වේ) වන අතර ජනවාරි මාසයේ මුල් සතිය වන පළමු උපකරණ තොගය බෙදාහරින බව එලූම් සමාගම සඳහන් කරයි.
තවත් සමාගම් දෙකක් මේ වනවිටත් මෙවැනි උපකරණ නිෂ්පාදනය කිරීම සඳහා අත්හදා බැලීම් කරමින් සිටින බව ද ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කරයි.
ඉකුත් නොවැම්බර් මාසයේදී ද ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ අධිකාරිය මෙවැනි උපකරණයකට හදිසි අනුමැතිය ලබාදුන් නමුත් එම උපකරණය භාවිත කිරීම සදහා වෛද්‍ය නිර්දේශය හා උපදෙස් අවශ්‍ය වේ. එම උපකරණයේ මිල ඇමෙරිකානු ඩොලර් 50ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 9,350ක්) වේ.

(‘ද වොෂින්ටන් පෝස්ට්’ ඇසුරිනි)
055
2025 දෙසැම්බර් මස 04
209
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
381
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
385
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගෙදරදීම ’කොවිඩ්-19’ පරීක්ෂා කළ හැකි උපකරණයක්