
(දයාසීලි ලියනගේ)
‘ගෙදරට කොරෝනා ගේන්න එපා.’ සෞඛ්‍ය අංශ රටේ ජනතාවට අලුතින්ම ඉදිරිපත් කර ඇති තේමා පාඨය වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.
නිවසින් පිටව යන පුද්ගලයින් පොදු ප්‍රවාහන සේවයේ ගමන් ගැනීම වෙළඳසැල්වලට යාම, ඥාතී නිවෙස්වලට යාම හා උත්සව වලට සහභාගී වීම නිසා නිවසේ සිටින දරුවන් හා වැඩිහිටියන් අනාරක්ෂිත තත්ත්වයට පත්වීම වැළැක්වීම සඳහා මෙන්ම තේමා පාඨය යටතේ අවශ්‍ය උපදෙස් යළි නිකුත් කර ඇතැයි වෛද්‍ය අලුත්ගේ මහතා කීය.
නිවසින් පිටව ගොස් ආපසු නිවසය පැමිණිමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරිම අනිවාර්ය වන බවද ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
ගෙදරට ගේන්න කලින් කොරෝනා රටට ගේන එක නවත්තන්න.. සේරම සිද්ද වුණාට පස්සෙනේ එයාපෝට් වැහුවේ... ඕක මුල ඉඳලාම වහලා තියලා ඉගෙන ගන්න ගිය ළමයි, ගැබිණි කාන්තාවන් වගේ අය විතරක් ගෙන්නවලා අනිත් අය ගේන එක නැවැත්තුවා නම් අදටත් ලංකාවේ කොරෝනා නෑනේ.. කොරෝනා වැඩිපුරම ආවේ මැදපෙරදිග, බංගලිදේශේ, මාලදිවයිනේ ඉඳලා ආපු අයගෙන්.. ඉස්සරහට කොරෝනා ඉවරයක් වෙනකම් රට ඉන්න අය ගේන එක නවත්තන්න.
"ගෙදරට කොරොනා ගේන්න එපා" - ඕන්න හැදුවා ආදර්ශ පාඨයක්, අනේ දෙයියනේ මේ අපි ජීවත් වෙන රටද? - මනුෂ්‍ය බුද්ධීයට නිගාදෙන මේ වගේ රටක් ලෝකේ වෙන කොහෙවත් තියෙයිද?
ඔය පුනරුත්ථාපන කඳවුරේ හිටිය දොස්තරලා මුලු කඳවුරටම කොරෝනා හැදෙන කං මොකද කරේ? කට ඇරියම සියල්ල දත්. හැබැයි අර මුලු කඳවුරටම කෙලවෙලා රටටත් කෙලවුනේ ඒකේ හිටිය ඔය සංගමේ සාමාජික දොස්තරලාගේ වරද හින්දා. නොසැලකිල්ල හින්දා. ඔය සංගමය කරන්නේ කයිය ගහන එකයි, වර්ජනය කරන එකයි විතරයි.
එතකොට කන්දකාඩුවල ඉන්න කුඩුගහපු අයත් රට ඉඳලාද ආවේ?