(සුජිත් හේවාජුලිගේ)
අලුත් විකෘතිතා ඇතිවීමත් සමඟම ශ්‍රී ලංකාවේ " සුපිරි ඩෙල්ටා" ප්‍රභේදයක් බිහි වන්නේ දැයි සැකයක් මතුවන හෙයින් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ඇරැඹූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මහතා පවසයි.
මේ අතර කොළඹ පුරා සියයට සියයක්ම පැතිරෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය බවට හඳුනාගෙන ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
පිට පළාත්වලද යම් ආකාරයකට ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදය පැතිරීමට පටන් ගෙන ඇතැයි පැවසූ ජීවන්දර මහතා එන්නත්කරණ ක්‍රියාවලිය සැප්තැම්බර් මස අවසානය වනවිට රටට යම්කිසි සහනදායී තත්වයක් බලාපොරොත්තු විය හැකි බවද චන්දිම ජීවන්දර මහතා පැවසුවේය.
එන්නත්කරණ ක්‍රියාවලිය සාර්ථක අයුරින් ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම දේම සුපිරයටම වෙන රටක ඩෙල්ටා පමනක් සුපිරි නොවුනොත් ඒකත් අඩුවක් නේ ද?
අනේ ඕක හොයන්න ඕනේ නැහැ , හෙවුවා කියල වැඩකුත් නැහැනේ , එයා ජනප්‍රිය වෙනවා විතරයි , අනිත් රටවල කොරෝනවලට එක එක එන්නත් , බෙහෙත් හොයනවා ,නිපදවනවා ,අපේ අය කොරෝන ප්‍රභේද හොයනවා
මේ වෛද්‍යවරයත් එක එක වෙලාවට එක එක දේවල් කියනවා. සති දෙකකට කලින් කිව්වා ඩෙල්ටා පැතිරෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ පමණයි කියලා. දැන් කියලා පිට පළාත්වලටත් පැතිරිලා පමණක් නෙවේ, සුපිරි ඩෙල්ටාවකුත් හැදිලා කියලා. අපි නම් දන්නේ එකයි, ඒ කොරෝනාව රටම ගිල ගෙන ඉවරයි කියන දේ පමණයි.
දෑන් ඔයාම නේද කිව්වේ සයිනොෆාම් එක ඕනෑ ඩෙල්ටාවකට බොහොම හොදයි කියලා එහෙනම් අවුලක් නෑහෑනේ
මෙයත් එක්තරා විදියක රඟපෑමක් මන්දා කරන්නේ ?
සුපිරි නැතිනම් එය ලංකාවේ නොවෙයි.
ඩෙල්ටා ඔක්කොම ඉන්නේ 300කට කිට්ටු ගණනක්ලු දැන් 100% කොළොඹ පැතිරෙන්නේ ඩෙල්ටාලු.
මෙයා මිනිස්සු බයවෙන කතා කියලා ජනප්‍රිය වෙන්න හදනවා.