(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,635 දෙනකු අද (30) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 3,05,837ක් දක්වා ඉහල ගොස් ඇත.

කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 1,716 දෙනකු සුවය ලබා අද (30) රෝහල්වලින් පිටවගොස් ඇති අතර කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2,75,212 කි.