IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


කලවාන නගරයේ වෙළෙඳසැල් - ආයතන තාවකාලිකව වහයි

 

(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ උපේන්ද්‍ර ප්‍රියංකර)

ප්‍රදේශයේ පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසා කලවාන නගරයේ සියලුම වෙළෙද සැල් සහ  ආයතන තාවකාලිකව වසා දැමිමට කලවාන ප්‍රාදේශීය කොව්ඩ් මර්දන කමිටුව අද (10) පස්වරුවේ තීරණය කර තිබේ. 

අද  පස්වරු 6 සිට මෙම තීරණය ක්‍රියාත්මක කර ඇතැයි කලවාන  සෞඛ්‍ය වෙද්‍ය නිළධාරී වෙද්‍ය නිලංග සෝමරත්න මහතා පැවසීය.

කලවාන නගරයේ අහඹු ලෙස ලබාගත්  පි සි.ආර්  පරීක්ෂණ දෙසියක ප්‍රතිඵල ලැබෙන තෙක් කලවාන නගරයේ සියලු වෙළඳ හා පුද්ගලික ආයතන අද (10) සවස 6 සිට වසා තැබීමට ප්‍රාදේශීය කොරෝනා මර්දන කමිටුව තීරණය කර තිබේ.

කලවාන සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී වෙද්‍ය නිලංග සෝමරත්න මහතා පැවසුවේ නගරය හුදෙකලා කිරිම හෝ සංචරණ සීමාවන් පැනවිමක් මෙයින් සිදු නොවෙන බවයි. කලවාන ප්‍රදේශයේ කොව්ඩ් ආසාදිත පිරිසකගේ සමිපතමයින් කණ්ඩායමක් පි සි ආර් පරික්ෂණ කිරිමටද නියමිත බවද වෙද්‍යවරයා පැවසිය. 

අද (10) අහඹු ලෙස සිදු කළ පි සි ආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඉදිරි තීරණ ගනු ඇතැයි ද කලවාන  සෞඛ්‍ය වෙද්‍ය නිලධාරීවරයා පැවසීය.

කලවාන නගරයේ සහ අවට පාසල් නවයක් වසා දැමිමට ද  අද  දහවල් තීරණය කර තිබුණි. ඒ අනුව කලවාන පාසල් 9 ක් නැවත දැනුම් දෙන තෙක් විවෘත නොකිරිමට තීරණය කර තිබේ.



අදහස් (0)

කලවාන නගරයේ වෙළෙඳසැල් - ආයතන තාවකාලිකව වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site