
අජිත්ලාල් ශාන්තඋදය
ලිපි බෙදන්නෙකුට කෝවිඞ් ආසාදිත බව තහවුරු වී ඇති නිසා කුරුවිට ප්‍රධාන තැපැල් කාර්යාලය ලබන 09දා තෙක් වසා දැමීමට දැනුම් දුන් බව කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික කරුණාරත්න මහතා අද 04 දැනුම් දුන්නේය.
කුරුවිට ප්‍රධාන තැපැල් කාර්යාලයේ ලිපි බෙදීම් කරන සහ ක්‍ෂෙත්‍රය හා සම්බන්‍ධව කටයුතු කරන පණිවිඩකරුවන්, කාර්යාලයේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලය ඇතුලු විසි හතර දෙනෙක් මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇති ඇත.
ඔවුන් සියලු දෙනාම අද (05) පීසීආආර් පරීක්‍ෂණයකට ලක්කරන බවද කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරයා සඳහන් කළේය.
කෝවිඞ් ආසාදිත බව තහවුරු සේවකයා කෝවිඞ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති අතර ඔහුගේ නිවැසියන් සහ පළමුපෙළ ආශ්‍රිතයන් කිහිප දෙනෙක් දින 14ක් ස්වයං නිරෝධායනයට ලක් කළ බවද කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කීවේය.
කුරුවිට ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් පාලනය වන උප තැපැල් කාර්යාලය එරත්න, සුදාගල, පාතගම, තෙප්පනාව, ආදී ප්‍රදේශ කිහිපයකම ඇතත් ඒවා වසා දැමීමක් සිදුකර නැත.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුරුවිට ප්‍රධාන තැපැල් කාර්යාලය වසා දමයි