
ගෝලීය අර්බුද රැසක් ඇති කළ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා ගෝලීය වයිරස වසංගතය මර්දනය කිරීම සඳහා මේ වනවිට එන්නත් නිෂ්පාදනය වෙමින් සංවර්ධනය කෙරෙමින් තිබේ.
මේ වනවිට ඇමෙරිකාවේ විද්‍යාඥයන් සොයාගත් එන්නත් දෙකක් 95%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙන අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා සමාගම නිෂ්පාදනය කළ එන්නත 90%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා සමාගම නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ එන්නත සාර්ථක කරගැනීමේ කටයුත්ත පිටුපස ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළ ශ්‍රී ලාංකිකයකු ද වේ. ඇය නමින් ආචාර්ය මහේෂි රාමසාමි ය.
ඇය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සායනික පර්යේෂිකාවක වන අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල රෝහල්හි ජාතික සෞඛ්‍ය සේවා පදනම් භාරයේ බෝවෙන රෝග සහ ප්‍රතිශක්තීකරණය පිළිබඳ වෛද්‍යාචාර්යවරියකි.ආචාර්ය මහේෂි රාමස්වාමි කොළඹ විශාකා විද්‍යාලයෙන් සහ ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලෙන් සිය ප්‍රාථමික සහ ද්විතීය අධ්‍යාපනය ලබා ඇත.
ලෝ ප්‍රකට විද්‍යා සඟරාවක් වන ‘ලාන්සට්’ සඟරාවේ ‘කොවිඩ්-19’ වයිරසය, එන්නත්, ආරක්ෂාව හා ප්‍රතිශක්තීකරණය සම්බන්ධයෙන් පසුගිය සතියේදී පළවූ අධ්‍යයනයේ ප්‍රමුඛ පර්යේෂකයා හා කතුවරයා වන්නේ ද ආචාර්ය මහේෂි රාමසාමි ය.
ආචාර්ය මහේෂි රාමසාමිගේ මාපියන් ද ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයෝ වෙති. මහාචාර්ය රන්ජන් රාමසාමි සහ මහාචාර්ය මන්ත්‍රී සමරනායක රාමසාමි, ආචාර්ය මහේෂි රාමස්වාමිගේ මාපියෝ වෙති. කෙම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ චර්චිල් විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාගත් පළමු කාන්තාව වන්නේ ද ආචාර්ය මහේෂ් රාමසාමිගේ මව වන මහාචාර්ය මන්ත්‍රී සමරනායක රාමසාමි ය.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පසුගිය වසරේදී (2019) සංවිධානය කළ ජාත්‍යන්තර වෛද්‍ය සමුළුවේ ගෞරවාන්විත කථිකයා වූයේ ද ආචාර්ය මහේෂි රාමසාමි ය.
ආචාර්ය මහේෂි රාමසාමි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ක්‍රියිස්ට් විද්‍යාලයෙන් සිය වෛද්‍ය උපාධිය ලබාගත් අතර ලන්ඩන් හා ඔක්ස්ෆර්ඩ් හිදී බෝවෙන රෝග සම්බන්ධයෙන් අධ්‍යාපනය හා පුහුණුව ලබා ඇත. ඇය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වඩම් විද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලබා ඇත.
සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ... ලංකාවේ "රාජ්‍ය විශ්ව විද්‍යාලයකට" නොගියා නම් , මෙච්චර දක්ෂ කෙනෙක් වුණේ කොහොමද?
පර දෙමළා කියලා ලංකාවෙන් එළවපු ජනතාව උසස් තැනකට ගියාම ලාංකික වෙනවා. ලංකාවේ සුළු ජාතිකයන්ට දෙමළා, තම්බියා කියනවා.. මේවා දැක්කාම හිනා යනවා.
ඒක තමයි මාත් බැලුවේ... මෙයා දෙමළ නේද? හැබැයි ලාංකික.. අනික කවුරු කොතනකට ගියත් අපිට මොකද? අපේ සිංහල අයගේ තියෙන පරගැති බව පේනවා. ඒ මනුස්සයා ඉගෙන ගෙන හොඳ තැනක ඉන්නවා. ඉතින් ඕකට මොකටද හංවඩු ගහන්නේ ලංකාවේ කියලා...? අපිට හරි ලොකුයි ලංකාවේ සම්භවයක් තියෙන කෙනෙක් ලොකු තැනකට ගියාම... ඒ කියන්නේ අපි දීන ජාතියක්..
ඇය ගැන ආඩම්බරයි... මේ එන්නත ඇමෙරිකාවේදී භාවිතයටත් ගනිමින් ඉන්නේ...
උඩ අදහස් දාන අය වගේ මිනිස්සු ඉන්න හින්දා තමයි... ලංකාව තාමත් එතනමයි.
කෝවිඩ් වලට තරඟකාරී ආකාරයට එන්නත් නිපදවමින් පවතිනවා. ඉහත බොහොමයක් අදහස් දක්වන පුද්ගලයින්ගේ උත්පත්තියත් එක්කම දායාද වූ හීනමානයටත් එන්නතක් සොයාගැනීමට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
ඇය ඇමෙරිකාවේ නිර්මාණයකි.
ලංකාවේ උසස්පෙළ ඉහළින්ම සමත්වෙන සමහර අයට පිටරට ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා.
නැහැ නැහැ.. මේක නම් කොහෙත්ම වෙන්නම බැහැ... මොකද අපේ රටේ ඉන්න කොන්දොස්තරලානේ මුළු ලෝකෙටම ඉන්න හොඳම හොඳ වැඩකාරයෝ... ලෙඩෙක් දෙස බලලාම බෙහෙත් ලියන අපේ කොන්දොස්තර ඔස්තාර්ලා මේ වෛද්‍යවරිය කළ අපහාසයට හැකි ඉක්මනින් වර්ජන කරලා තමන්ගේ පුහු උද්දච්ච මන්දබුද්ධික අභිමානය රැකගත යුතුමයි. වහාම සියලුම කොන්දොස්තරලා පෙළ ගැසෙත්වා..!!!
බුද්ධි ගලනයේ යහපත් පැත්ත...
මහේෂි රාමසාමිගෙ පවුලෙ අය මම පුද්ගලිකව දන්නවා. මහේෂි ඉතා දක්ශ ඔක්ස්ෆොර්ඩ්/කේම්බ්‍රිජ් උපාධිධාරී විද්වත් දෙමව්පියන්ගේ දරුවෙක්. ඒ මහාචාර්ය සිංහල මවගේත් මහාචාර්ය දමිළ පියාගේත් දෙමව්පියන් ද උගත් ලංකාවේ ඉහළ රැකියා කළ අය. ඉතින් ඉගෙනුමට ඇයගේ දක්ෂතාවය ඇය ජානවලින්ම ගේන්න ඇති. ඇයගේ දෙමව්පියන් ලංකාවේත්, විදෙස්ගතවත් විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ලෙස මෙන්ම විද්‍යාත්මක පර්යේෂකයන් ලෙස කටයුතු කළ නිසා, මහේෂිත් විශාකාවෙන් කොළඹ ස්ටැෆඩ් ජාත්‍යන්තර පාසලටත් කෙටිකාලීනව එම විදෙස් රටවල පාසැල්වලටත් මාරු වෙන්න සිදුවුණා. ලන්ඩන් උසස්පෙල විභාගයේ විද්‍යා අංශයේ එම වසරේ ලෝකයේ වැඩිම ලකුණු ලබාගත් සිසුන්ගෙන් කෙනෙකු වී මහේෂි ඔක්ස්ෆොර්ඩ් සරසවියට ශිෂ්‍යත්වයක් දිනා ගත්තා. එතැන් සිට ඇයගේ ගමන ඇරඹුවා ඇයගේ මව පියා වගේම ලෝකයට සේවය කරන්න. එංගලන්තයේදී හමුවුනු ඉන්දියානු සම්භවයක් ඇති එකල සමකාලීන වෛද්‍ය සිසුවෙකු හා ඇය විවාහ වුනා. ඇය දැන් තිදරු මවක්. ඇය විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මියගේ සොයුරියගේ දියණියයි. රජයේ රසපරීක්ෂකයෙකු වූ කුඹුක වලව්වට සම්බන්ධ සමරනායක මහතාගේ ලොකු මිනිබිරියයි.