වසංගත රෝග විද්‍යා අංශය අද(15) උදෑසන 10.00ට නිකුත් කරන ලද වාර්තාව අනුව කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 653 දක්වා අඩු වී තිබේ. අද දිනයේදී සුවය ලබා 13 දෙනෙකු රෝහල්වලින් පිටව යාමත් සමඟ, ප්‍රතිකාර ලබන සංඛ්‍යාව එම අගය ගෙන ඇත.
ඊයේ(14) රාත්‍රී 9.30ට නිකුත් කළ වාර්තාවට අනුව රෝගීන් ගණන 666ක් විය.
ශ්‍රී ලංකාවේන් හමුවී ඇති සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2665 ක් වන නමුත් ඔවුන් අතරින් 2001 දෙනෙකු මේ වන විට සුවය ලබා ආපසු නිවෙස් බලා පිටව ගොස් තිබේ.
අද දිනයේදී සුවය ලබා ගිය එම පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් 4දෙනෙක්ද, ඉරණවිල රෝහලෙන් 5දෙනෙක් ද, මිනුවන්ගොඩ රෝහලෙන් පුද්ගලයෙක්ද, පනාගොඩ යුද හමුදා රෝහලෙන් 3දෙනෙක්ද වෙති.
ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පිටව ගිය සිව්දෙනා අතර විදේශිකයෙකුද වන බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
කෙසේවෙතත් අද උදෑසන 10.00 වනවිට රෝහල් ගතකර ඇති කොරෝනා රෝගීන් ලෙස සැක සහිත රෝගීන් 150 දෙනෙකු සිටින බවද එම වාර්තාවේ දැක්වේ.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේදී ප්‍රතිකාර ලබාගත් රෝගීන් අතුරින් මේ දක්වා මියගොස් ඇත්තේ රෝගීන් 11 දෙනෙකු පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලු ලෝකේම කොරෝනා රෝගීන් ගැන වාර්තා හදන්නේ වාර්තා වූ රෝගීන් ගණනෙන් අපේ රටේ විතරක් ප්‍රතිකාර ලබන ලෙඩ්ඩු ගැන කියනවා. මෙච්චර බාල විදිහට මිනිස්සු නොමග යවන්න හදන එක වැරැදියි.
තව වහලා සැර අඩුකරලා කියන්න. ඡන්දෙ ගන්නකම් කොරෝනා හැදෙන්නේ, බෝ වෙන්නේ නෑ.