
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 13දෙනෙකු සුවය ලබා අද(13) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 2996කි. රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 196 දක්වා පහළ බැස තිබේ.
අද දිනයේ දී සුවය ලබා පිටව ගිය පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 8දෙනෙක් ද, වැලිකන්ද මූලික රෝහලේ 4දෙනෙක් ද, මුල්ලේරියාව මූලික රෝහලේ (නැගෙනහිර කොළඹ) එක් අයෙක් ද වෙති.
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 3204ක් වන අතර, මේ වනවිට 12 දෙනෙකු මියගොසිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ඔක්කොම හරි.. ඒ වුණාට අපි තවම අනාරක්ෂිතයි. එයාර් පෝර්ට් විවෘත කළාම තත්වය වෙනස් වෙන්න පුළුවන්.. දැන් රටේ මිනිස්සු බහුතරයක් වැඩ කරන්නේ කොරෝනා මානසිකත්වයෙන් නෙවෙයිනේ...