(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 44 දෙනකු ඊයේ (6) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 13,229 දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 39 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර සිවු දෙනෙක් සහ වයස අවුරුදු 30 ට අඩු එක් අයෙක් මේ අතර වෙති.

එමෙන්ම පිරිමි අය 25 දෙනකු සහ කාන්තාවන් 19 දෙනෙකු මියගිය පිරිසට ඇතුළත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.