IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


කොරෝනා නිසා එක්සත් රාජධානිය හුදෙකලා වෙයි

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය හේතුවෙන් එක්සත් රාජධානිය, ලොව අනෙක් රටවල් අතර හුදෙකලා තත්ත්වයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ලන්ඩන් අගනුවර කේන්ද්‍ර කරගනිමින් නව කොරෝනා වයිරසයේ, නව ප්‍රභේදය පැතිර යෑම හේතුවෙන් මේ තත්ත්වය උද්ගත වී තිබේ.


මේ හේතුවෙන් ඉන්දියාව, ජර්මනිය, ඉරානය, ඉතාලිය, කැනඩාව, ඩෙන්මාර්කය, ප්‍රංශය, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය, ෆින්ලන්තය, පෝලන්තය ඇතුළු රටවල් 30කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට එක්සත් රාජධානියට කරන, ගුවන් ගමන් නවතා දමා ඇත.


මේ සම්බන්ධයෙන් සහයෝගයෙන් සහ එකමුතුව ප්‍රතිචාර දැක්වීම සඳහා යුරෝපා සංගමයේ රැස්වීමක් බ්‍රසල්ස් නුවරදී අද (21) පැවැත්වීමට නියමිතව තිබිණි.


එක්සත් රාජධානියෙන් ඉරිදා දිනයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 35,928 දෙනකු වාර්තා වූයේ යැයි එරට සෞඛ්‍ය බලධාරීහු අද ප්‍රකාශ කළහ. එය ඊට දින හතකට පෙර වාර්තා වූ ගණන මෙන් දෙගුණයක් යැයි ද සෞඛ්‍ය බලධාරීහු කීහ.


වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී දින 28ක් ඇතුළත පසු 326 දෙනකු මියගොස් ඇතැයි ද ඒ අනුව වයිරස ආසාදිත මරණ ගණන 67,401ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.


නව කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයේ සම්ප්‍රේෂණය වීමේ හැකියාව (පැතිර යෑමේ) සියයට 70ක් වැඩි යැයි, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් (සෞඛ්‍ය අමාත්‍ය) මැට් හැන්කොක් පැවැසීය.


වයිරසයේ නව ප්‍රභේදය ලන්ඩනයේ සහ ගිනිකොන දිග ලන්ඩනයේ වේගයෙන් පැතිර ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මෙම නව ප්‍රභේදය මාරාන්තික හෝ එන්නත්වලට වෙනත් ප්‍රතිචාර දක්වනු ඇතැයි කීමට තවමත් ප්‍රමාණවත් සාක්ෂි නැතැයි ද සෞඛ්‍ය බලධාරීහු අද ප්‍රකාශ කළහ.
 
 
රොයිටර්
 

055
 



අදහස් (6)

කොරෝනා නිසා එක්සත් රාජධානිය හුදෙකලා වෙයි

hira Monday, 21 December 2020 11:46 AM

කෝ මෙ සර්ව බලධාරි දෙවියන් සහ අල්ලා දෙවියන්.... මෙහෙම කියපු ගමන් ප්‍රතිචාර ගොඩක් එනවා... අනිවාර්යයෙන්ම දෙවියන්ව ඛෙර ගන්න.

:       3       210

nisarMonday, 21 December 2020 02:46 PM

මහා ලොකු විද්‍යාවට වර්ෂයක් ගත වෙලත් සර්ව බලධාරි දෙවියගේ නොපෙණෙන වෛරසයට තවමත් විසදුමක් හොයාගන්න නෑ. මෙ විදියට සෑම වසරකම අලුත් ප්‍රබේධ එන්න පටන් ගත්තොත් විද්‍යාව පැත්තකින් තියලා යාඥා කරගෙන ඉන්න වෙන්නෙ...

:       140       3

Rata PerataTuesday, 22 December 2020 06:54 AM

සාස්තර, මුට්ටි සෙල්ලම් නිසා නෙමෙයි, මානව වර්ගයාට අද තියෙන ජීවන තත්වය ලැබී තියෙන්නේ විද්‍යාවෙ නව සොයාගැනීම් නිසා. නැතිනම් එක දෙවියෙක් වත් උදව් කරන්නේ නැහැ. අඩුගානේ පැරසිටෝල් එකක්වත් හොයාගන්න. ධර්මය, ආගම්, උදව් කරගත යුත්තේ අධ්‍යාත්මික දියුණුව වෙනුවෙනුයි. ඒත් අවාසනාවට ආගම් වෙනුවෙන් ජීවිත නසන කාලකණ්ණින් ලෝකය විනාශ කරනවා.

:       0       4

Prabha Tuesday, 22 December 2020 10:10 AM

නිසාර්, දවසකට 5 වතාවක් වත් එනකොට, එක වතාවක්වත් කියන්නකෝ මේ වසංගතය නැතිකරගන්න කියලා...

:       0       0

kby Tuesday, 22 December 2020 06:20 AM

දෙවියන් වහන්සේ කොරෝනා මැව්වේ ඇයි?

:       2       2

sharm warn Tuesday, 22 December 2020 10:09 AM

කෝවිඩ් කියන්නේ චීන්නු හදාපු ජීව විද්‍යාත්මක අවියක් කියලා දන්නේවත් නැතිවද මේ කියන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site