
ගාලු මුවදොර පිටියේ සිටි පෙම්වතුන් යුවළකට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් විසින් කරන ලද ඇන්ටිජන් පරීක්ෂාවකදී තහවුරැ වී ඇත.
සෞඛ්‍ය නිලධාරීන් එම යුවල ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකට යොමු කර තිබෙන අතර එහිදි ඔවුන් දෙදෙනාට වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරැ වී ඇත.
ඒ බව අනාවරණය වීමත් සමඟ තමන්ට වයිරසය ආසාදනය වී ඇති බව මාපියන්ට දැනුම් නොදෙන්නැයි එම යුවළ සෞඛ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා ඇති අතර කෙසේ නමුත් වෙනත් විකල්පයක් නොවුණු අතර සෞඛ්‍ය නිලධාරීන් ඒ බව ඔවුන්ගේ මාපියන්ට දැනුම් දී තිබේ.
ඉන් අනතුරුව ඔවුන් නිරෝධානයය වෙත යොමු කර ඇත.
කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් පසුගිය සතියේදී ගාලු මුවදොර පිටියේ සිටි පිරිස් අහඹු ලෙස තෝරාගෙන ඔවුන් ඇන්ටිජන් පරීක්ෂාවලට යොමු කිරීමට පියවර ගෙන තිබිණි.
සන්ඩේ ටයිම්ස්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාලු මුවදොර පිටිය ලොක් ඩවුන් කරමු.