
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක අද(22) මිය ගොස් ඇතැයි වසංගත රෝග විශේෂඥ සුදත් සමරවීර මහතා පවසයි.
මිය ගිය කාන්තාව, කුලියාපිටියේ පදිංචිව සිටි 50 හැවිරිදි අයෙකි.
පසුගිය 17වැනිදා ඇයව කුලියාපිටිය රෝහලෙන්, අයි ඩී එච් රෝහල වෙත මාරු කර යවා එවා තිබිණි.
නිධන්ගත රෝග රාශියකින් පෙළුණු ආසාදිත කාන්තාව ඒ රෝගයේ සංකූලතා හේතුවෙන් මිය ගොස් ඇතැයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් එවන ලද වාර්තාවේ සඳහන් වේ.
මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 14 වන කොරෝනා මරණය බව ද වසංගත රෝග විශේෂඥ සුදත් සමරවීර මහතා පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd