(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
වලපනේ කොරෝනා රෝගීන් සඳහා පවත්වගෙන යන ප්‍රතිකාර මධ්‍යස්ථායේ ප්‍රතිකාර ලබමින් සිටින කාන්තාවන් අද (28) උදෑසන කෑම වර්ජනය කර විරෝධතාවය දක්වා ඇත. ඔවුන් පවසන්නේ ඔවුන්ට ආහාරයට ගැනීමට නුසුදුසු ආහාර එම මධ්‍යස්ථානය මගින් ලබා දෙන බවය.
මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යන වලපනේ ප්‍රාදේශිය රෝහලට අයත් වාට්ටුවක මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලැබේ. එම ස්ථානය කාන්තාවන් වෙනුවෙන් වෙන් කර තිබෙන අතර එහි නිරෝධායනය වන කාන්තාවෝ 28ක් සිටිති. ඔවුන් හැටන්, බගවන්තලාව, ගිනිගත්හේන, හගුරන්කෙත, ගලේවෙල, රිකිල්ලගස්කඩ හා සාමිමලේ යන ප්‍රදේශවල පදිංචිකරුවෝය.
ඔවුන් පවසන පරිදි එම ස්ථානයේ ප්‍රමාණවත් පහසුකම් නොමැත. වැසිකිළි අවහිර වී ජලය බැසයාමක් නොවන බවත් වෙනත් සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවන බව ද පවසන ඔවුන් අහාර සඳහා පරිප්ප, සම්බෝල, අල සමග බත් ලබා දෙන බවත් එම බත්වල වැලි සැපීම හා ව්‍යංජන කිසිම රසවත් බවක් නැති බවටද චෝදනා කරති. එමෙන්ම පානීය ජලය උණු කර ගැනීමට පහසුකම් නොමැති බවත්, කොත්තමල්ලී තැම්බූ වතුර, විටමින් සී, අවශ්‍ය විටක වේදනා නාශක පෙත්තක්වත් ලබා නොදෙන බවටත් චෝදනා කරති. මෙම තත්ත්වය හමුවේ ඔවුන්ගේ සෞඛ්‍ය හා ප්‍රතිශක්තිකරණ ශක්තිය තවදුරටත් හීන වන බවද පවසති.
එම නිසා ආහාරයට ගැනීමට නොහැකි ආහාර දිගින් දිගටම ලබා දීම නිසා අද (28) උදෑසන සිට ආහාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
ඉහත චෝදනා සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය මධුර සෙනවිරත්න මහතාගෙන් කළ වීමසීමකදී හෙතෙම පැවසුවේ කිසිසෙත්ම එසේ විය නොහැකි බවය. රෝගීන් සදහා ආහාර ලබා දෙන කොන්ත්‍රාත්කරුවන්ට ආහාර සදහා ඉතා ඉහළ මිළක් ගෙවන බවත්, එම ස්ථානය භාරව සිටින වෛද්‍යවරයා ද ආහාරයට ගන්නේ එම කෑමවේලම බැවින් ඒ සම්බන්ධයෙන් පුද්ගලිකව කළ වීමසීම් අනුව එවන් තත්තවයක් නොමැති බැවින් එම චෝදනා පිළිගත නොහැකී බවය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.